2016 වසරේ සුවිශේෂීම විද්‍යා හා තාක්ෂණික සිද්ධීන්

2016 වසර හොඳ වගේම නරකත් තිබුන වසරක් වුනා.  මේ කියන්න යන්නේ මේ වසරේ සිදුවූ වගේම සිදු කරන ලද සුවිශේෂීතම, වැදගත්ම විද්‍යා හා තාක්ෂණික සිද්ධීන් 11 ගැන කෙටියෙන්. 

වඳවී යාමේ තර්ජනයට මුහුණපා සිටි සතුන් වර්ග ගණනාවක්ම ඔවුන් සිටි තැනින් පහල තැනකට එන්නට සමත්වෙලා තිබෙනවා. එනම්, වඳවීයාමේ භයානක කම අඩුවී තිබෙනවා.

විශේෂයෙන් පැන්ඩා endangered සිට vulnerable දක්වා ලැයිස්තුවේ පහලට ඒමටද, ටෙඩි බෙයා නිර්මාණය කිරිමට හැඩය ගත් ලුසියානා කලු වලසා රතු ලැයිස්තුවෙන් ඉවත් වීමට වගේම යෝධ සමනලුන්ටද ඔවුන්ගේ වඳවීයාමේ තර්ජනය අඩුකරගැනීමට හැකිවී තිබෙනවා.

 

 

 

 

 

 

රොකට්ටුවක් ප්‍ර‍ථම වතාවට ගුවන් ගත කර නැවත කිසිදු උපද්‍ර‍වයකින් තොරව තවත් ස්ථානයක ගොඩබෑමට හැකිවුනා. ඒ SpaceX ව්‍යාපෘතිය හරහායි. පසුගිය අප්‍රේල් මාසයේ සිදුකල මේ අත්හදා බැලීම නිසා අභ්‍යාවකාශ ගත කරන යානා වල වියදමෙන් 30%ක් අඩුකරගැනීමට හැකිවෙනවා.

 

 

 

 

 

 

 

 

 

චිත්‍ර‍පටිවල පමණක් දැකලා තිබුන ඒ කෘත්‍රීම ලෝකය ඇත්තටම මිනිසාට දකින්නට Virtual reality මඟින් හැකියාව ලැබුනා. මේ වසර වර්චුවල් රියැලිටි වසරක් කිව්වොත් නිවැරදියි.

මයික්‍රොසොෆ්ට් සමාගම, ගූගල් සමාගම, සෝනි ඇතුලු සමාගම් ගණනාවක් ඔවුන්ගේ එකිනෙකට වෙනස් වූ තාක්ෂණයන් කීපයක්ම මේ වසරේදි එළිදැක්වූයේ ලෝකයාම පුදුම කරවමින්.

 

 

 

 

 

 

 

 

ඕක දීපං ළමයෙකුට කිව්වම විහිලුවක් වුනාට ඇත්තටම ළමයින්ට අපි හිතනවට වඩා දෙයක් කරන්න පුලුවන්. ඇමරිකාවේ Oregon ප්‍රාන්තයේ වෙසෙන අවුරුදු 21ක තරුණයන් පිරිසක් අධිකරණයට ගෙනාපු පෙත්සමක් නිසා Oregon අධිකරණය විසින් රජය වැරදිකරු කරලා තිබෙනවා. ඒ දේශගුණික විපර්යාස පාලනය කිරීමට අසමත් වීම හේතුවෙන්. මෙලෙසම පසුගිය වසරේ නෙදර්ලන්ත රජයද අධිකරණය විසින් වැරදිකරුවන් බවට පත් කලා. අධිකරණය නියම කලේ 2020 අවසන් වන විට වායු විමෝචනය 1990ට වඩා 25%කින් අඩුවිය යුතු බවයි.

 

 

 

 

පිළිකාවට එරෙහිව ක්‍රියාත්මක වන වෛරසයක් නිර්මාණය කරගන්නට වෛද්‍ය විද්‍යාවට හැකිවීම පිළිකාව තුරන් කිරීමේ පළමු පියවර විය හැකියි. IMLYGIC නැමැති ඖෂධය FDA මඟින් අනුමත කරන ලද පළමු පිළිකා මර්ධන බෙහෙතයි.

 

 

 

 

 

 

 

 

අපේ සෞරග්‍ර‍හ මණ්ඩලයට 9 වැනි ග්‍ර‍හලෝකයක් එකතුවෙන්න තියෙන්නේ. විද්‍යාඥයන් පවසන පරිදි නෙප්චූන් ග්‍ර‍හලෝකය තරමේ දැවැන්ත ග්‍ර‍හලෝකයක්, ප්ලූටෝ ග්‍ර‍හයාට වඩා 10 ගුණයක් හෝ 20 ගුණයක් දුරින් පිහිටී තිබෙන්නට පුලුවන්ලු. තවම මේ ග්‍ර‍හලෝකය ගැන විස්තර සොයගනිමින් තිබෙනවා.

 

 

 

 

 

 

 

 

වට්ස් ඇප් සේවය පරිශීලකයාගෙන් පරීශීලකයාට දත්ත හුවමාරු වීමේ තාක්ෂණය සංවෘත කරා. එනම් කිසිම අතරමැදියෙකුට එකිනෙකා හුවමාරු කරගන්නා පණිවුඩ කිසිම දෙයක් බැලිය නොහැකියි. එය බැලිය හැක්කේ පණිවුඩය ලබන්නාට පමණි. මෙමඟින් ලෝකයේ බිලියන 2කට අධික පරිශීලකයන් පිරිසකගේ දත්ත ආරක්ෂා කර තිබෙනවා.

 

 

 

 

 

 

 

වසරේ සොයාගැනීම ලෙසද තෝරාගනු ලැබුවේ ඩෙංගු සඳහා නිපදවූ එන්නතයි. වසරකට මිලියන 400කට අධික පිරිසකට වැළඳෙන ඩෙංගු රෝගය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් අනුමත කරන ලද මේ ප්‍ර‍ථම එන්නත, බ්‍ර‍සීලයේ සහ පිලිපීනයේ රෝගීන්ට ප්‍ර‍ථමයෙන් එන්නත් කරමින් යනවා.

 

 

 

 

 

 

 

 

ලෝකේ පුරාම සූර්ය බලයෙන් ගුවන් යානයක් පියාසර කිරීම මිනිසා ලැබූ තවත් ජයක්. Bertrand Piccard සහ André Borschberg ගුවන් නියමුවන් දෙදෙනා සැතපුම් 26,000ක දුරක් ලෝකය වටාම ගෙවා දමමින්  Solar Impulse 2 යානය අබු ඩාබි වෙත ළඟා වුනා. පරිසර හිතකාමී ගුවන් යානා නිර්මාණයේ පළමු පියවර මෙය ලෙස හැඳින්වීම වරදක් නොවේ.

 

 

 

 

 

 

 

 

ඕසෝන් ස්ථරය දියවීම කියන්නේ ලෝකයටම බලපාන දෙයක් වුනා. විෂ වායු එක්වීම මඟින් ස්ථරයට හානිවීම වසර සිය ගණනක සිට සිදුවූ දෙයක්. 2000 වසරේ තිබුනාට වඩා වර්ග සැතපුම් මිලියන 1.5ක් ස්ථරය නැවත නිර්මාණය වී තිබෙන බව මේ වසරේදී සොයාගැනීමද ලෝකයම ලැබූ ජයක්! CFC වැනි වායු තහනම් කිරිම මෙයට ප්‍ර‍ධානතම හේතුව වුනා.

 

 

 

 

 

 

 

 

 

 

 

ටස්මේනියන් ඩෙවිල් නැමති මේ ක්ෂීරපායී සත්වයාගේ කිරි වලින් බැක්ටීරියා ආසාදන වලට එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාවක් තිබෙන බව සොයාගෙන තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply