Savitri (2016) සිංහල උපසිරැසි සහිතව

2016 වසරේ නිකුත්වුණ හරිම අපූරු ආදරණීය කතාවක් තමයි මේක. පැය දෙකක් පුරාවට දුවන මේ චිත්‍ර‍පටයට ගොඩක් දෙනා හොඳ ප්‍ර‍තිචාර ලබාදීපු එකක්.සාවිත්‍රි උපදින්නේම මංගල උත්සවයක නලා සද්දය අතරතුර. ඉතිං ඇයට පොඩි කාලේ ඉඳලාම හරි ආසයි කසාද වලට. ඇය ලොකු වෙනකොට ගෙදර අයට කියනවා ඇයට ගැලපෙන හොඳ මනාලයෙක්ව හොයලා දෙන්න කියලා. ඉතිං පවුලේ අය ඇයව කසාද බන්දන්න තීරණය කරනවා රිෂීට. ඒත් සාවිත්‍රිවත් රිෂීවත් මේ ගැන දන්නේ නෑ.

ඇය ශ්‍රිදී වලට යන අතරතුරේ රිෂීව හම්බවෙනවා. රිෂී ක්ෂණයකින් සාවිත්‍රිට ආදරය කරන්න පටන් ගන්නවා. නමුත් සාවිත්‍රි කැමති වෙන්නේ නෑ ඔහුට මුලින්. කොහොමහරි දෙන්නා යන්න තියෙන කෝච්චිය මගහැරෙනවා. ඒ අතරතුර දෙන්නා කතා කරන්න පටන් ගන්නවා. රිෂී කියනවා පවුලේ අය ඔහුට කසාදයක් තීරණය කරලා තියෙනවා කියලා. ඒත් එයා ඒකට කැමති නෑ කියලා. ඒත් දැන් එයා වෙන කෙනෙකුට ආදරේ කරන්න පටන් අරගෙන කියලා කියනවා. පහුවෙලා තමයි රිෂි දැනගන්නේ සාවිත්‍රිව තමයි ඔහුට යෝජනා කලේ කියලා ගෙදරින්. ඔහු කරගත්ත වැරැද්ද තේරුම් අරගෙන සාවිත්‍රිගේ තාත්තා හමුවෙලා කරපු වැරැද්ද කියනවා. නමුත් තාත්තා ඔහුට දෙවැනි අවස්තාවක් දෙන්නේ නෑ. ඉතින් රිෂි සාවිත්‍රිගේ ගමේ නතරවෙන්න තීරණය කරනවා මාසයක්.ඒ මාසය ඇතුලත සාවිත්‍රිගේ ආදරයත් දිනාගෙන, ගෙදර අයගේ ආදරයත් දිනාගන්න පුලුවන් වේවිද? බලන්න චිත්‍ර‍පටය!

සිංහල උපසිරැසි

 

Leave a Reply