Prisma ගැන කතා කරන්න දෙයක් නෑ ඕනම කෙනෙක් දන්නවානේ. සාමාන්‍ය ඡායාරූපයක් ප්‍රිස්මා එකට අපි ඇතුලු කලාම ඒක කලාත්මක චිත්‍ර‍ විදියට සැකසෙනවා. ඇන්ඩ්‍රොයිඩ් සහ අයිඕඑස් වලට ලැබුනත්, වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන අයට මේක තවම ලැබිලා නෑ. අද අපි හඳුන්වලා දෙන්න යන්නේ වින්සි ඇප් එක. Android, iOS සහ Windows යන මෙහෙයුම් පද්ධති තුනටම මේ අලුත් ඇප්ලිකේෂනය ලබාදීලා තියෙනවා. රුසියානු සමාජ ජාල වෙබ් අඩවියක් වන VK මගින් නිපදවූ මේ ඇප් එක බොහොම ඉක්මනින්ම රුසියාවේ අංක එකේ ඇප්ලිකේෂනය වුනා කියලා තමයි දැනගන්න ලැබුනේ.

ප්‍රිස්මා වලට වඩා වින්සි වල තාක්ෂණය වෙනස්. ඒවගේම ප්‍රිස්මා වලට වඩා ගොඩක් වේගවත්! සාමාන්‍යයෙන් ප්‍රිස්මා ෆොටෝ එකක් හැදෙන්න තප්පර 5 ඉඳලා තප්පර 10-15 වගේ යන වෙලාවලුත් තියෙනවා. නමුත් වින්සි මඟින් ඡායාරූපයක් හැදෙන්න ගතවෙන්නේ තප්පර දෙකක් වගේ කාලයක්. හිතාගන්නත් බෑ නේද?

වින්සි ඇප්ලිකේෂනය Photo Credit : WindowsCentral
වින්සි ඇප්ලිකේෂනය Photo Credit : WindowsCentral

 

ඇප්ලිකේෂනය ඩවුන්ලෝඩ් කරගැනීමට පහත ලින්ක් වලට පිවිසෙන්න පුලුවන් ඔයාට.

Download in Windows Store

Download in iTunes

Download in PlayStore

 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.