OnePlus 5T – හොදම මරුවා

OnePlus සමාගම “T” සීරීස් එක නිකුත් කිරීම ඇරඹුවේ පසුගිය වන් ප්ලස් 3 එකෙන් පස්සේ. පිටින් නොපෙනුනත් අභ්‍යන්තර වෙනස්කම් රැසක් OnePlus 3T හි තිබුනා. එලෙසම පසුගිය ජූනි මාසයේ නිකුත්වූ වන්ප්ලස් 5 ස්මාට්ෆෝනයේ අලුත් සංස්කරණය ඊයේ රාත්‍රියේදී OnePlus 5T නිකුත් කලා.

සාමන්‍ය flagship දුරකතනක තිබෙන සියලුම දෑ(ඊටත් වඩා සමහර වෙලාවට) එහි මිලෙන් අඩක මිලකට ලබාදීමයි වන්ප්ලස් සමාගමේ අරමුණ. එය මෙවර ඉතා හොදට ඔප්පු කර තිබෙනවා.

Bezels අඩු විශාල ඩිස්ප්ලේ එක මුහුණ හදුනාගැනීමේ තාක්ෂණය, අලුත් කැමරා ද්විත්වයක් ඇතුලු බොහෝ දෑ අලුත් ෆෝන් එකේ තිබෙනවා.

5T එක දකින ඕන කෙනෙකුටම පෙනෙන්නේ අලුත් 18:9 ඩිස්ප්ලේ එක. දුරකතනයේ ඉදිරිපසෙන් වැඩිම ප්‍රමාණයක් මේ ඩිස්ප්ලේ එකට වෙන් වෙනවා. අගල් 6.01ක් ඩිස්ප්ලේ එකේ තිබුනත්, වන්ප්ලස් සමාගම මෙවරත් 1080p FullHD ඩිස්ප්ලේ එකක්ම යොදාගෙන තිබෙනවා. QuadHD display බලාපොරොත්තුවෙන් හිටිය අයට නම් බලාපොරොත්තු සුන් වීමක් තමා. නමුත් බැටරි අතින් මෙය ගොඩක් වැදගත් යොදාගැනීමක් වේවි. ඩිස්ප්ලේ එකට අවශ්‍ය ඉඩ ලබාදීමට fingerpriny scanner එක දුරකතනයේ පසුපසට රැගෙන ගොස් තිබෙනවා.

බැටරිය මිලිඇම්පවර් 3,300ක එකක්. එවගේම සමාගමේ Quick Charging තාක්ෂණය වන Dash charging ද තිබෙනවා. SoC එක විදියට ස්නැප්ඩ්‍රැගන් 835 සම්පූර්ණ දුරකතනයේම කටයුතු බලාගන්නවා. 64GB සංස්කරණයේ 6GB Ram ද, 128GB සංස්කරණයේ 8GB රැම් මතකයක්ද තිබෙනවා.

කැමරාව සම්පූර්ණයෙන්ම මෙවර වෙනස්කර තිබෙනවා. ගියවර තිබුනු ටෙලිෆොටෝ කැමරාව වෙනුවට මෙවර 16MP මූලික කැමරාවක් සහ 20MP දෙවැනි කැමරාවක් Intelligent Pixel Technology කියන ක්‍රමයට යොදාගෙන තිබෙනවා. මෙහිදී සිදුවන්නේ ඡායාරූප ගැනීමේදී මූලික කැමරාවට 20MP සංවේදකයේ පික්සල් එකතුවී වඩා තීව්‍ර සහ අදුරේදී ආලෝකමත් ඡායාරූප ගැනීමේ හැකියාව ලබාදීමයි.

එතකොට portrait mode ? තියෙනවා. නමුත් කලින් මෙන් hardware level හදුනාගැනීමක් නෙවෙයි. Software භාවිතයෙන් සිදුකරන හදුනාගැනීමක්.

ඉදිරිපස සෙල්ෆී කැමරාව මෙගාපික්සල් 16ක්. මෙහි මුහුණ හදුනාගැනීමේ තාක්ෂණය ඔවුන් එකතු කර තිබෙනවා. නමුත් සමාගම පවසන්නේ මෙය අනෙක් ආරක්ෂක ක්‍රමවේද තරම් සාර්ථක නොමැති බවයි. iPhone X හි infrared projector, Galaxy Note 8 හි Iris scanner යන ක්‍රම දෙකේදිම ඒවාට වෙන්කල තාක්ෂණ යොදාගෙන තිබුනත් මෙහිදී තිබෙන්නේ සාමාන්‍ය කැමරාවක් පමණයි.

ජලය නොයන ලෙස 5T දුරකතනය නිපදවා නොමැති බැවින් ඔයාට ඒ ගැන සැලකිලිමත් වෙන්න වේවි.

මෙහෙයුම් පද්ධතිය ලෙස ඇන්ඩ්‍රොයිඩ් 7.0 මත නිපදවන ලද Oxygen OS තිබෙනවා. ඇන්ඩ්‍රොයිඩ් 8 යාවත්කාලීනයක් ඔවුන් නිකුත් කරන කාලයක් සදහන් කරල නෑ.

ඩොලර් 499කට 64GB සංස්කරණයද, ඩොලර් 549කට ගිගාබයිට් 128 සංස්කරණය ද මිළදීගන්නට පුලුවන්. පිලිවෙලින් ලංකාවෙ රුපියල් 78,000ක් සහ රුපියල් 86,000ක්.

Leave a Reply