OnePlus 5 හි ඡායාරූප පිටවේ – සුපිරිම කැමරාවක් මෙවර

OnePlus දුරකථන පෙලේ අලුත්ම දුරකථනය වන වන් ප්ලස් 5 හි ඡායාරූප කීපයක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරමින් යනවා. ඇතැම් ඡායාරූප නම් එකිනෙකට වෙනස් බැවින් මේවායෙන් කුමණ එකක් අවසන් දුරකථනයේ පෙනුම ගනිවිදැයි තවම කිව නොහැකියි. ඊයේ වනවිට තිබුණ ඡායාරූපයේදි(ඉහල) කැමරා දෙක අතර ෆ්ලෑෂරය තිබුනත්, අද දිනය වන විට පැමිණි අලුත් ඡායාරූප(වම) කීපයේ තිබෙන්නේ කැමරා දෙකට පහලින්ය.

එවගේම කලින් ඡායාරූපයේදි ඇන්ටනා ලයින්ස් පෙනෙන්නට තිබුනත් අලුත් එකේදි ඒවා පෙනෙන්නටත් නෑ. තවත් කැපී පෙනෙන ලක්ෂණයක්වන්නේ පහල තිබූ 3.5mm headphone jack එක නැතිවීමයි. සමහරවිට මෙවර එය ඉහලට අරගෙන වෙන්නටත් පුලුවන්. ඔවු, ඔයා හරි. ස්පීකර් සිදුරු පේලි දෙකක් මෙහි තිබෙනවා. මෙය සමහරවිට ස්පීකර් දෙකක් වන්නට පුලුවන්. නැතිනම් එකක් ස්පීකරයක් වී අනික මයික් එක සඳහා තිබෙන සිදුරු පේලියක් වන්නට පුලුවන්.(ෂයෝමි මී 5 වගේ)

සමහරු දැන් හිතනවා ඇති වන් ප්ලස් 5 එන්නේ කොහොමද 4 නැතුව කියලා. වන්ප්ලස් කියන්නෙත් චීනයේ BBK Electronic යටතේ(Oppo මවු සමාගම) ඇති සමාගමක්. ඔවුන් 4 සලකන්නේ අසුභ අංකයක් විදියට. ඉතින් 4 නැතුව 5ට යෑම ගැන සැකයක් ඇතිකරන්නට වුවමනාවක් නෑ.

DxO Mark කියන්නේ කැමරාවල ගුණාත්මක භාවය තීරණය කරන DxO සමාගමේ ලකුණු මට්ටමක්. ඉතින් වන්ප්ලස් සමාගම ඩීඑක්ස්ඕ සමග එකතුවී ඔවුන්ගේ වන්ප්ලස් 5 දුරකථනයේ කැමරාව ඉතා ඉහල මට්ටමකට ගෙනයන බවට ඊයේ ෆේස්බුක් පෝස්ට් එකක් මඟින් දැනුම් දී තිබෙනවා.

 

 

 

 

 

 

Leave a Reply