OnePlus 5 ගැටලු කීපයකට මුහුණ දෙයි 

OnePlus සමාගමේ අලුත්ම වන්ප්ලස් 5 ස්මාට්ෆෝනය පසුගියදා නිකුත්වුන බව අන්තර්ජාලයේ ජංගම දුරකතන සම්බන්දව සොයා බලන ඔබ දකින්න ඇති.

මෙය ඉන්දියාව වෙනුවෙන් නිකුත් කලේ පසුගිය ජූනි 22වැනිදා. නමුත් සමාගමේ නිශ්පාදන තත්ව පරික්ෂා පිලිබද ප්‍රශ්න නගමින් දින කීයපයකට පසු twitter සමාජ ජාලයේ කපිල් තණ්ඩන් පණිවුඩයක් සටහන් කලේ ඔහුගේ වන් ප්ලස් 5 දුරකතනයේ ශබ්ද පරිපාලක බොත්තම් නැති බව සදහන් කරමින්. 

මීට පෙරත් යම් සිදුවීමක් වුනා. ඒ වන් ප්ලස් සමාගම විසින් YouTube හි ජංගම දුරකතන review කරන Channel සහ පුද්ගලයන් වෙත යැවූ රිවීව් දුරකතන වල benchmark ලකුණු(දුරකතනයේ තිබෙන දෘඪාංග සහ මෙහෙයුම්පද්ධතියට ලබාදෙන ලකුනු) හොර කිරීමක් මගින් වැඩි කර ඇති බවයි. 

මෙය මුලින්ම සොයාගත්තේ XDA Developers කණ්ඩායමයි. ඔවුන් පවසන පරිදි එසේ යවා ඇති සෑම review unit සංස්කරණයක්ම මෙසේ බෙන්ච්මාක් ලකුණු වැඩිපුර පෙන්වීමට සකස්කර ඇති බවයි.

වන් ප්ලස් සමාගම මෙය ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් පවසන්නේ මේ මෘදුකාංග වලදී ප්‍රොසෙසරය overclock කර හොරකිරීමක් නොකරන බවත්, දුරකතනයේ උපරිම හැකියාව එවිට එලියට දාන බවත්ය.

කෙසේ නමුත් සමාගමට මෙසේ චෝදනා ආ පලමු අවස්තාව මෙය නොවේ. OnePlus 3T දුරකතනයේදීද ඔවුන්ට මෙලෙසම බොහෝදෙනාගෙන් චෝදනා පැමිණුනා.

අලුත් දුරකතනයට එල්ලවන තවත් ප්‍රධානම චෝදනාව වන්නෙ Apple iPhone 7 Plus දුරකතනය එලෙසෙම පිටපත් කර නිර්මාණය කිරීමයි. දුරකතන දෙකම එකට ගෙන බැලූ කලම මේ දෙකේම වෙනසක් පෙනෙන්නේ දුරකතන දෙකේ ලාංඡන වලින් පමනක් බව ඕනෑම අයෙකුට පෙනෙනවා. කැමරා දෙක, ඒවා තිබෙන විදිය පමනක් නොව, ඇන්ටනා බෑන්ඩ් පවා එකම විදියට ඔවුන් නිර්මාණය කර තිබෙනවා.

iPhone 7 Plus, Oppo R11, OnePlus 5

මීට පෙර නිකුත්වූ වන් ප්ලස් දුරකතන ලොවපුරාම අතිශය ජනප්‍රිය වීමට හේතුව වූයේ ඔවුන්ගේ ඒකීය බව සහ අඩු මුදල නිසායි. මෙවර ඔවුන් ඇපල් සමාගමේ දුරකතන පිටපත් කර ගොඩයන්නට සිතුවේ ඇයිදැයි නොදනී. නමුත් එයට වන් ප්ලස් හි මවු සමාගම වන Oppo(ඔප්පෝ) සමාගමේ R11 දුරකතනය බලපෑ බව නම් ප්‍රසිද්ධ රහසක්.

Leave a Reply

%d bloggers like this: