OnePlus 5 එකලස් කිරීමට Oppo සමාගම තෝරාගැනේ

වන් ප්ලස් ඇමරිකාවේ නිකුත් කලාට පසුව ඉන්දියාවේදී නිළ වශයෙන් හදුන්වාදුන්නේ ජූනි 22වැනිදායි. 

Make in India යටතේ ඉන්දියාවේදී නිශ්පාදනය කරන දුරකතන සදහා රජයෙන් විශේෂ පහසුකම් සපයා දෙනවා. 

මේ නිසා වන් ප්ලස් සමාගමත් ඔවුන්ගේ නවතම වන් ප්ලස් 5 දුරකතනය ඉන්දියාවේදීම නිපදවීමට තීරණය කලා. පසුගිය ලිපියකින් අපි ඔවුන්ගේ ඇතැම් දුරකතන වල සිදුවූ තත්ව පරීක්ශක ගැටලු ගැන පවසා සිටියා. අලුත්ම ආරංචියට අනුව OnePlus 5 ස්මාට්ෆෝනය එකලස් කරනු ලබන්නෙ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි තිබෙන ඔප්පෝ(Oppo) සමාගමේ නිශ්පාදනාගරයේදීය. 

මෙය ප්‍රථම වරට හෙලිකරේ ෆෝන්අරීනා (FoneArena) වෙබ් අඩවියයි. ඒ ඔවුන්ට ලැබුනු review unit එකේ පෙට්ටියේ මේ පිලිබදව සදහන්ව ඇති නිසා. 

වන් ප්ලස් සමාගම කලින් සදහන් කලේ ඔවුන් ෆොක්ස්කොන්(Foxconn) සමාගම, තම දුරකතන නිශ්පාදනය සදහා තෝරාගන්නා බවයි. පේන විදියට ඔවුන් තම ප්‍රධාන සමාගම වන් ප්ලස් දුරකතන නිශ්පාදනයට තෝරාගෙන. 

ඔව්. Oppo, Vivo සහ OnePlus සමාගම් තුනම චීනයේ BBK Electronics සමාගම යටතේ තිබෙන සමාගම් තුනක්. එයිනුත් OnePlus සමාගම තිබෙන්නේ Oppo ආයතනය යටතේවීම බොහෝ දෙනා නොදන්නා කරුණක්. වන් ප්ලස් සමාගමේ නිර්මාතෲ දෙපලගෙන් එක් අයෙකු වන Pete Lau, ඔප්පෝ සමාගමේ හිටපු උප සභාපති ද වනවා.

Leave a Reply