Nokia 2 හඳුන්වාදෙයි – බැටරිය වැඩියි, මිළ අඩුයි

HMD සමාගමේ අලුත් නොකියා දුරකථන පෙලේ නවතම සාමාජිකයා අද ඔවුන් හඳුන්වාදුන්නා. ඒ, නොකියා 2 ස්මාට්ෆෝනයයි. ඉන්දියාවේදී මීට සුලු මොහොතකට කලින් ඔවුන් මෙය ඉන්දියාවේ නවදිල්ලි නුවරදී එළිදක්වනු ලැබුවා.

අඟල් 5ක 720p HD තිරයක් සහිත නොකියා 2 බලගැන්වෙන්නේ ක්වාල්කොම් ස්නැප්ඩ්‍රැගන් 212 SoC එක මඟින්. දුරකථනයේ ප්‍ර‍ධාන කැමරාව මෙගාපික්සල් 8ක් සහ ඉදිරිපස මෙගාපික්සල් 5ක් තිබෙනවා. මිලිඇම්ප්අවර් 4,100ක දැවැන්ත බැටරියකින් සමන්විත නිසා දින ගණනාවක් නැවත ආරෝපනයකින් තොරව පාවිච්චි කරන්නටත් පුලුවන්. සමාගම පවසන පරිදි අනිවාර්යෙන්ම දින 2ක් මෙහි බැටරිය තිබෙනවා.

අභ්‍යන්තර මතකය ගිගාබයිට් 8ක්. රැම් මතකය ගිගාබයිට් 1ක්. ඇන්ඩ්‍රොයිඩ් 7 මෙහෙයුම් පද්ධතිය ලෙස මෙහි වැඩ කරනවා. එවගේම ඇන්ඩ්‍රොයිඩ් 8 ඔරියෝ ද මෙයට එන බවට සමාගම පොරොන්දුවක් ලබා දුන්නා. Google Assistant පැමිණෙන ප්‍ර‍ථම Entry-level ස්මාට්ෆෝනය මෙය ලෙසද HMD සමාගම පවසා සිටිනවා.

යුරෝ 99ක් හෙවත් ලංකාවේ රුපියල් 18,000කට ආසන්න මුදලකට මෙම ස්මාට්ෆෝනය විකිනීමට නියමිතයි. මූලික මට්ටමේ දුරකතනයක් බැවින් මෙය ඉන්දියාව ලංකාව ඇතුලු රටවල් රැසක අලෙවි කිරීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ.

 

Leave a Reply