Mi Band 3 – ඔබේ සෞඛ්‍ය ගැන Smart විදියට දැනගන්න [රු.4,000ට මිළදීගන්න]

සෞඛ්‍ය හොඳින් නැත්නම් අපිට කිසිම දෙයක් එදිනෙදා ජිවිතයේ හරියට කරගන්න බෑ. ඒ වගේම තමයි දෛනික වැඩ අස්සේ එන call sms හැම එකක්ම බලන්න ගියාම වැඩක් කරගන්නත් නෑ. ඉතින් මේ දෙකටම විසඳුම තමයි Mi Band 3 එක.

ඔයා දවසේ ඇවිදින ප්‍රමාණය, දහනය වන කැලරි ප්‍රමාණය, හෘද ස්පන්ධනය, රෑ හොඳට නින්ද ගියාද කියන එක වගේ ගොඩක් දේවල් Mi Band එකෙන් ඔයාට කියනවා.

Mi Band කියන්නේ Xiaomi සමාගමේම ලෝකයේ වැඩියෙන්ම විකිණෙන fitness බෑන්ඩ් එක. එයට හේතුව මෙහි මිළ අඩුවීම, ඒ මිළට වැඩ ගොඩක් එක්ක හොඳ quality එකක් තිබීම.

Mi Band සම්බන්ධ කරන්න Mi Fit කියලා App එකක් එනවා. ඇපල් හෝ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට මේක දාගන්න පුලුවන්. ඒ ඇප් එක හරහා ඔයාට ගොඩක් details ඔයාගේ ක්‍රියාකාරකම් ගැන බලාගන්න පුලුවන්.

මෙහි අඟල් 0.78ක touch screen එකක් තිියෙනවා. ඔයාට ෆෝන් එකෙන් නැතුව මේ ඩිස්ප්ලේ එකෙනුත් ගොඩක් දේවල් බලාගන්න පුලුවන්. උදාහරණයකට Step count, heart rate වගේ. එවගේම මේක ෆෝන් එකට බ්ලූටූත් මගින් සම්බන්ධ කරලා තියෙන වෙලාවට ඔයාට ෆෝන් එකට එන කෝල් පෙන්වනවා. අවශ්‍ය නම් silent කරන්නත්, නැත්නම් කෝල් එක කට් කරන්නත් පුලුවන්.

ඔයාට එන මැසේජ් ආදියත් මෙයින්ම බලාගන්න පුලුවන්. Messenger, viber, whatsapp වගේ ඒවාට එන මැසේජ් පවා මේකේ පෙන්වන්න හදන්න පුලුවන්. ෆෝන් එක හැමතිස්සෙම සාක්කුවෙන් එළියට අදින්නේ නැතුව හැමදේම අතේ තියෙන Mi Band එකකින් බලාගන්න පුලුවන් වීම ඔයාට ගොඩක් පහසු වේවි.

දවසේම බැඳන් ඉන්නවානම්,  ඔයා හිතන්න ඇති නේද එතකොට වතුර ගෑවුනොත් ? බයවෙන්න දෙයක් නෑ. මීටර් 50ක් වතුර යටට යනකල් මේක සම්පූර්ණයෙන්ම waterproof. වතුර යන්නේ නෑ කොහෙත්ම. ඉතින් ඔයා swimming යනවානම් ඒකත් ගැටලුවක් වෙන්නේ නෑ Mi Band 3 එකට.

මෙච්චර වැඩ ගොඩක් එක්ක එනකොට ඉතින් බැටරිය ගැන අමතක කරන්න වෙනවා නේද? නෑ එහෙම වෙන්නේ නෑ. ඔයා heart rate දවසෙම පැය බාගෙන් බාගෙට වගේ measure කරගන්න හැදුවත්, ඔයාට මේක දවස් 10ක් විතර පාවිච්චි කරන්න පුලුවන්. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම මාසයකට කිට්ටුව එක දිගට මේක වැඩ කරනවා.

මේක ලංකාවේ මිළදී ගන්න යනවනම් රුපියල් 8,000ක් විතර වෙනවා. හැබැයි අපි ලබාදෙන කූපන් code එකත් එක්ක Gearbest එකෙන් මිළදීගන්නවනම්, රුපියල් 4,000ක් විතර වෙන්නේ. අනික සතියක් ඇතුලත වගේ ගෙදරටම ලැබෙනවා. අනික tax ගෙවන්න ඕනත් නෑ.

ඔයාට Mi Band 3 එක මිළදීගන්න පුලුවන් මේ ලින්ක් එකෙන් – Mi Band 3 [Gearbest]

COUPON CODE : DVV8EU23MU

Leave a Reply

%d bloggers like this: