48 කැමරාවක් සහිත ලෝකයේ වේගවත්ම දුරකථනය – Mi 9

ශයෝමි සමාගමේ මේ වසරේ ෆලැග්ෂිප් දුරකථනය චීනයේදි හදුන්වාදෙනු ලැබුවා. චීන දැවැන්තයාගේ පළමු කැමරා ත්‍රිත්වයක් තිබෙන දුරකථනය සහ මේ වන විට ලෝකයේ ඇති වේගවත්ම වයර රහිතව චාජ් කල හැකි(fastest wireless charging) ස්මාට්ෆෝනයද මෙයයි. AnTuTu 7, GFX 3.0 Manhattan, GeekBench 4.1 සහ තවත් බෙන්ච්මාක් කීපයකම අංක 1 Performance තිබෙන ස්මාට්ෆෝනය ලෙස පවතින්නේ දැනට මී9 දුරකථනයයි.

දුරකථනයේ වැදගත්ම අංගය වශයෙන් මෙවරත් කැමරාව කැපී පෙනෙනවා. 48MP Sony IMX586, 1/2” සෙන්සරයක්. එමෙන්ම මෙහි පික්සල් බයිනිං තිබෙන නිසා 0.8µm පික්සල් 1.6µm සුපර් පික්සල් දක්වා වෙනස්වන්නට පුලුවන්. එවගේම ප්‍රථම වතාවට 16MP අංශක 117° අල්ට්‍රා වයිඩ් ඈන්ගල්(ultra-wide) සෙන්සරයක්ද තිබෙනවා. f/2.2 අපර්චර් එකක් සහිත මෙයට සෙන්ටිමීටර් 4ක් දක්වා කිට්ටු macros ඡායාරූපයට ගැනීමටද පුලුවන්. 12 MP ටෙලිෆොටෝ සෙන්සරයක්ද තිබෙනවා.

ඊළග වැදගත්ම කාරණාව වන්නේ ඩිස්ප්ලේ එකයි. අගල් 6.39ක Super AMOLED 1080p+ රිසොලූෂන් එකක් මෙහි තිබෙනවා. දුරකථනයේ ඉදිරිපසන් 90.7%ක්ම තිබෙන්නේ ඩිස්ප්ලේ එකයි (screen-to-body ratio). මෙය වැඩිවීමට තවත් හේතුවක් වී තිබෙන්නේ උඩ තිබෙන වෝටඩ්‍රොප් නොච්(waterdrop notch) එක. ඩිස්ප්ලේ එකට නිට්ස් 600ක් දක්වා උපරිම brightness එකකටත් යන්න පුලුවන්. Dark Mode එක මී9 එක මගින් මීයූඅයි() වෙතට හදුන්වාදෙනවා. ඇමෝලෙඩ් ඩිස්ප්ලේ එකක් නිසා මෙමගින් 83%ක් දක්වා බැටරිය ඉතුරුකරගන්නට පුලුවන් බව සමාගම පවසනවා. Always-On Display එකේ වර්ණවත් අයිකන් සහ අකුරුද මෙහි තිබෙනවා.

සෙල්ෆි කැමරාවට තිබෙන නොච් එක ඔවුන්ට කුඩාකිරීමට සිදුවූ නිසා එහි තිබෙන මෙගාපික්සල් 20 කැමරාවද(f/2.0, 0.9µm) යම් වෙනස්කම් වලට ලක් කල බව සමාගම පැවසුවා. කෘත්‍රිම බුද්ධිය(AI) මගින් තිබෙන face unlock එකක්ද මෙහි තිබෙනවා.

ඩිස්ප්ලේ එක ආරක්ශා කරන්න ගොරිල්ලා ග්ලාස් 6ද, දුරකථනයේ පිටුපස ගොරිල්ලා ග්ලාස් 5 සහ, ප්‍රථම වතාවට කැමරාවේ ආරක්ෂාවට සැෆයර් ග්ලාස්ද යොදා තිබෙනවා.

දුරකථනයේ තිබෙන 3,300mAh බැටරිය ආරෝපණයට සමාගම අලුත්ම Charge Turbo නැමැති ඔවුන් හදුන්වන ”ඉක්මනින් ආරෝපණ” තාක්ෂණයක් යොදාගන්නවා. 27W දක්වා මෙමගින් හැකියාව තිබුනත් ඔවුන් එවන චාජර් එක නම් 18W එකක්. එවගේම වයර් රහිතව ආරෝපණය කිරීමට හැකියාව තිබෙනවා. 20W දක්වා උපරිමයක් මෙයට හැකියි. මෙතෙක් නිකුත්වී ඇති ස්මාට්ෆෝනයක වයර් රහිතව උපරිම වේගයක් තිබෙන එකම දුරකථනයට මී9 එකයි. ඉක්මන් චාජ් වෙනවා වගේම දුරකථනයේ බැටරිය සහ ආරෝපණය වීමේදි සිදුවන අනතුරු(ගැලැක්සි නෝට් 7 මතක ඇති? වැලැක්වීමට Huawei සමාගම වගේම ආරක්ෂණ උපක්‍රම යොදාගෙන තිබීමද විශේෂත්වයක්.

Snapdragon 855 චිප්සෙට් එක තමයි මෙහි තිබෙන්නේ. 6GB රැම් මතකයක් තිබෙන අතර ගිගාබයිට් 64 සහ 128 අභ්‍යන්තර මතක දෙකක සංස්කරණ පැමිණෙනවා. 12GB රැම් මතකයක් සහ
ගිගාබයිට් 256 අභ්‍යන්තර මතකයක් තිබෙන විනිවිද පෙනෙන පිටුපසක් තිබෙන(transparent) සංස්කරණයක්ද පැමිණීමට තිබෙනවා. මෙය බෙ‌ාහෝවිට චීනයට පමණක් සීමානු ඇති.

6/128 GB සංස්කරණය රුපියල් 82,000ක පමණ මිළක් තමයි තිබෙන්නේ. ඒ වගේම මිළ වැඩිම සංස්කරණය(ට්‍රාන්ස්පේරන්ට්) රුපියල් 110,000ක් පමණ ‌වනවා. මේ වන විට බෙන්ච්මාක් වලින් ඉහලින්ම සිටින(ගැලැක්සි එස්10 වලටත් වඩා) දුරකථකතනය බවට මී9 පත්වී තිබෙනවා. දුරකථන දෙක පිළිබද තොරතුරු සමාලෝචනයක් ඊළග ලිපියකින් බලාපොරොත්තු වන්න.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: