Mi Mix එකට Meizu සමාගමෙනුත් තිරය පමණක් තිබෙන දුරකථනයක්?

Xiaomi Mi Mix දුරකථනය ගැන අපි කලින් ලිපියකින් කතා කලා. මෙතෙක් දුරකථන ඉතිහාසයේ අලුත්ම පිටුවක් පෙරලමින් වෙළඳපලට නිකුත්කල ඒ දුරකථනය කොච්චර ජනප්‍රිය වුනාද කියනවනම් මුල්වර විකිනීමේදී තත්පර 10කින් දුරකථන සියල්ලම විකිණීමට සමාගමට හැකිවුනා. බොහෝ දෙනා හිතුවා වගේම තවත් සමාගම් මේ විදියටම ජංගම දුරකතනයක් නිපදවන වැඩ දැනටම පටන් අරගෙන වගේ.

Weibo සමාජ ජාලයේ පලකෙරුනු ඡායාරූප කීපයක් සමග අන්තර්ජාලය Meizu සමාගම වෙතද අවධානය යොමු කලා. ඡායාරූප ඇත්ත නම් Mi Mix හි තිබුනාටත් වඩා දුරකථනයේ ඉදිරිපසින් තිරයට වැඩි ඉඩක් වෙන්වනවා ඇති. ඒ සමඟම මෙයිසු සමාගම නිවේදනය කලේ දෙසැම්බර් 24 වැනිදා ලෝකයට අලුත් යමක් ඔවුන් ඉදිරිපත් කරන බවයි. හරියටම නත්තල උදාවන්නට කලින් දිනයේ.

meizu-concept-phone-fingerprint-reader-on-display

මික්ස් දුරකථනයේ පහල තීරුවක් ඉදිරිපස කැමරාව සඳහා වෙන්ව තිබුනද මේ ඡායාරූප අනුව එම තීරුවද ඉවත් කර තිබෙනවා. බොහෝවිට ඉදිරිපස කැමරාව ඔවුන් ඉවත් කර තිබෙන්නට පුලුවන්. නමුත් එසේ සිදුකල තිබුනහොත් නම් බොහෝ දෙනා එය අනුමත කරන එකක් නෑ. එවගේම ඇඟිලිසලකුණු කියවනය ඩිස්ප්ලේ එකට යටින් තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. Qualcomm සමාගමේ ultrasonic scanner මේ සඳහා යොදාගනු ඇති.

කෙසේහෝ වේවා මේ පිළිබඳව තවම කිසිදු නිළ ආරංචියක් නැති නිසා සත්‍යතාව ගැන ගැටලුවක් තිබෙනවා.

Leave a Reply

%d bloggers like this: