ඡායාරූපකරණයටම ආපු කොඩැක් එක්ට්‍රා ස්මාට්ෆෝනය (Video)

{:lk}

Image Credit: AOL
Image Credit: AOL

කොඩැක් නාමය ඇසූ සැනින් ඔබට මතක් වෙන්නේ කැමරා. මොකද කොඩැක් යනු ඉතාමත්ම ජනප්‍රිය, බොහෝ කාලයක පටන් කැමරා සඳහාම වෙන්වුන සමාගමක්. කැමරා දෙකක් දාලා ෆෝන් විකුණන්න දැනට තිබෙන ජංගම දුරකථන සමාගම් පටන් ගත්තත් කැමරා ලොවේ දැවැන්තයෙක් එක්ක හැප්පෙන්න ඔවුන්ට පුලුවන් වෙයිද? මේ, කොඩැක් සමාගමේ ඡායාරූප වෙනුවෙන් ම නිර්මාණය කරන ලද අලුත්ම ස්මාට්ෆෝනය, කොඩැක් එක්ට්‍රා ගැනයි.

කොඩැක් කියන්නේ 1888දී පටන් ගන්නා ලද සම්පූර්ණ ඇමරිකානු සමාගමක්. කොඩැක් එක්ට්‍රා කියන්නේ 1941දී කොඩැක් සමාගම නිපදවූ විශිෂ්ටතම කැමරාව. දැනට පවතින ඩීඑස්එල්ආර් කැමරාවල ආරම්භක සාමාජිකයෙක් තමයි කොඩැක් එක්ට්‍රා කැමරාව. කොඩැක් සමාගමේ ප්‍ර‍ථම ස්මාට්ෆෝනය වන්නේ කොඩැක් අයිඑම්5 දුරකථනයයි. 2015 ජනවාරි මස හඳුන්වා දුන් ඒ දුරකථනය නම් එතරම් ජනප්‍රිය වුනේ නෑ. එයට හේතුව එය අනෙක් දුරකථන එක්ක තරඟයට සරිලන ලෙස ඔවුන් එය නිපදවා නොතිබීමයි. නමුත් එය කොඩැක් සමාගමට ස්මාට්ෆෝන් ලෝකයට පිවිසීමට හොඳ දොරටුවක් වූ බව නම් ගොඩක් අය නොදන්නා කාරණයක්. එවගේම තවත් කරුණක් වන්නේ, ඡායාරූපකරණයට නිපදවූ ප්‍රථම කැමරාව ද මෙය නොවේ. මීට කලින් නොකියා ලුමියා 1020 වගේම සැම්සුන් සමාගමද ගැලැක්සි සූම් නමින් ස්මාට් දුරකථනයක් නිකුත් කලා.

VIDEO Review in Sinhala :

පරන මතකයක් අවදි කරන්නට

මීට පැය කීපයකට පෙර සමාගම හඳුන්වා දුන් අලුත් කොඩැක් එක්ට්‍රා ස්මාට්ෆෝනය දුටු විගස ම ඒ පැරණි කැමරාව මතකයට එන්න ඔවුන් මෙහි පෙනුම සකස් කර තිබෙනවා. දැනට තිබෙන ස්මාට්ෆෝන් වල ලෝහ ආවරණයන් නැතුව පැරණි කැමරාවල තිබූ ලෙදරෙට්, එනම් ලෙදර් හා සමාන ආවරණයක් තියෙන්නේ. දුරකථනය දුටු විගසම ඔබට පෙනෙන්නේ මෙහි තිබෙන දැවැන්ත කැමරා කාචයයි.

දැනට තිබෙන ස්මාට් දුරකථන සියල්ලක් එකම හැඩයෙන් යුක්ත නිසා කොඩැක් එක්ට්‍රා දුරකථනයට විශේෂ තැනක් මේ පෙනුම නිසාම හිමිවන බව අප ඔබට කියන්න අවශ්‍ය නෑ. සමාගම පවසන පරිදි ම මේ හැඩය මේ දුරකථනයට ආවේණික එකක්. ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ කැමරාව නිසා, කැමරාව භාවිතා කරන විට මේ හැඩය නිසා දුරකථනය අතේ පහසුවෙන් ම තබා ගත හැකි බව ඔවුන් පවසනවා.

Image Credit: AOL
Image Credit: AOL

අනෙක් දුරකථනවලට තරඟයක් වෙයිද?

දුරකථනයක අභ්‍යන්තර උපාංග ගැන දැන් පාරිභෝගිකයන් වෙනදාට වඩා සැලකිලිමත්. එනිසා මෙහි දෘඩාංග පිළිබඳව අප විමසා බැලුවොත් අඟල් 5ක ෆුල් එච්ඩී තරයට යටින් සියල්ලම පාලනය කරන මොළය වශයෙන් කෝර්ස් 10ක(deca-core) මීඩියාටෙක් හීලියෝ එක්ස්20(MediaTek Helio X20) චිප්සෙට් එක තිබෙනවා. රැම් මතකය ගිගාබයිට් 3ක්. අභ්‍යන්තර මතකය වශයෙන් ගිගාබයිට් 32ක් තිබෙනවා. නමුත් ඊට වඩා මතක ධාරිතාවක සංස්කරණයක් නම් සමාගම නිපදවලා නෑ. ඔබට ඉඩ මදියි කියලා හිතෙනවානම් ගිගාබයිට් 128 දක්වා චිප් ඇතුලත් කරන්න පුලුවන්.

වයිෆයි, බ්ලූටූත් වැනි ඕනෑම දුරකථනයක දකින්න ලැබෙන සබඳතාද, දුරකථනය ආරෝපනයට සහ දත්ත හුවමාරුව සඳහා යූඑස්බී ටයිප් සී පෝට් එකක්ද තිබෙනවා. ස්පීකරය පසුපස දුරකථනයේ පහල කොටසේදී පිහිටා තිබෙනවා. බැටරිය මිලි ඇම්ප්අවර් 3,000ක් තිබෙනවා වගේම ඉක්මනින් බැටරිය ආරෝපනය සඳහා පම්ප් එක්ස්ප්‍ර‍ස් නැමැති ඉක්මනින් ආරෝපනය වන තාක්ෂණයකින්ද සමන්විතයි.

ලොකු කැමරාවක් – ලොකු වෙනසක්

Image Credit: AOL
Image Credit: AOL

පෙනුමෙන්ම වඩාත් කැපී පෙනෙන්නේ මෙහි පිටිපස කැමරාවයි. මෙගාපික්සල් 21ක සෝනි සමාගම විසින් නිෂ්පාදනය කරන ලද IMX230 කැමරාව තමයි මෙහි තිබෙන්නේ. එෆ්/2.0 කැමරා විවරයක්(f/2.0 aperture), ඉක්මනින් ෆෝකස් වීම සඳහා වෘත්තීය කැමරාවල දකින්න ලැබෙන ෆේස් ඩිටෙක්ෂන් ඔටෝ ෆෝකස් තාක්ෂණය සහ අක්ෂ හයක් සඳහා ක්‍රියාත්මක වන ඔප්ටිකල් ඉමේජ් ස්ටේබලයිසේෂන් එක මඟින් සෙලවීම් නොමැති තරමේ පැහැදිලි වීඩියෝ 4K දක්වා මෙමඟින් ලබාගන්නට පුලුවන්.

දැනට සෙල්ෆී සඳහාම වෙන්වූයේ යැයි කියන දුරකථන කීපයක්ම වෙළඳපලේ තිබුනත්, කොඩැක් එක්ට්‍රා හි තිබෙන ෆේස් ඩිටෙක්ෂන් ඔටෝෆෝකස් තාක්ෂණයද සහිත මෙගාපික්සල් 13ක ඉදිරිපස කැමරාව ගැන කොඩැක් සමාගම පුරසාරම් දොඩන්නේ නෑ. ඉතින් මේ කැමරාවෙන් ගන්න සෙල්ෆියක් සමහර ස්මාට් දුරකථනවල පසුපස කැමරාවටත් වඩා තත්වයෙන් උසස් කියලා බය නැතුව කියනන් පුලුවන්.

දුරකථනයේ කැමරාව සහ ඡායාරූප ගැනීම සඳහා වෙනම බොත්තමක් සාමාන්‍ය කැමරාවල මෙන්ම තිබෙනවා. ඒවායේ වගේම විවිධාකාරයේ මූඩ්ස් තෝරාගැනීමට දර්ශන තෝරා ගැනීම ඩයලයක්ද(Scene Selection Dial) තිබෙනවා.

Kodak Ektra

ගූගල් පික්සල් දුරකථනය තමයි දැනට ස්මාට් දුරකථන කැමරාවලින් අංක 1ට තිබෙන්නේ. මේ දුරකථන දෙකෙන් මොන කැමරාවද හොඳ කියලාත් කියන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්නේ කොඩැක් සමාගම විසින් ඉදිරිපත් කරන ලද කැමරා සාම්පල කීපයක්.

අනෙක් සමාගම් වලටත් ආදර්ශයක්

මෘදුකාංග පැත්ත බැලුවොත් එහෙම, ඇන්ඩ්‍රොයිඩ් 6.0 මාෂ්මෙලෝ සංස්කරණය තමයි මෙහෙයුම් පද්ධතිය විදියට දුරකථනයට පැමිනෙන්නේ. ඇන්ඩ්‍රොයිඩ් 7 වලට යාවත්කාලීනයක් පැමිණෙනවාද කියලා නම් තවම නිළ ආරංචියක් නෑ. නමුත් ගූගල් සමාගම නිකුත් කරන ආරක්ෂක යාවක්කාලීන නම් කලට වෙලාවට ලබාදෙන්න ඔවුන් පොරොන්දු වෙනවා.

දුරකථනයේ කැමරාවට හරියන්න ඡායාරූපකරණයට සහ වීඩියෝ සංස්කරණයට අත්‍යාවශ්‍ය වන මෘදුකාංග සහ යෙදුම් ගණනාවක් අන්තර්ගතවනව. විශේෂයෙන් ඡායාරූප සංස්කරණය සඳහා ගූගල් ස්නැප්ස්පීඩ් ඇප්ලිකේෂණය දුරකථනයේ ප්‍ර‍ධානම ඡායාරූප සංස්කරණ යෙදුම ලෙස පැමිණෙනවා. එවගේම කොඩැක් ප්‍රින්ට්ස් ඇප්ලිකේෂන මඟින් ඔබ එක්ට්‍රා මඟින් ගන්නා ඡායාරූප මුද්‍රිත පිටපත් ලෙස කොඩැක් සමාගමෙන්ම මුද්‍ර‍ණය කර ගෙන්වාගන්නට පුලුවන් ගෙදරටම.

එවගේම ඇතැම් සමාගම් එකම විදියේ දුරකථන නිෂ්පාදනය කරනවා. කිසිඳු වෙනසක් හෝ අලුත් දෙයක් නොමැතිව එලෙස නිපදවන දුරකථන සමාගම් වලට කොඩැක් එක්ට්‍රා දුරකථනය හොඳ ආදර්ශයක්.

මේ අලුත් පන්නයේ දුරකථනය මුලින්ම මිළදීගැනීමේ හැකියාව ලැබෙන්නේ යුරෝපයේ සහ එක්සත් රාජධානියේ වෙසෙන පාරිභෝගිකයන්ට. නමුත් ඇමරිකාවේ පාරිභෝගිකයන්ට මේ දුරකථනය දැන්ම නිකුත් කරන්නේ නැති වුනත්, පාරිභෝගිකයන්ගේ ඉල්ලීම් වලට කන් යොමාගෙන ඉන්නා බව සමාගමේ නියෝජිතයෙකු පැවසුවා. කොඩැක් එක්ට්‍රා දුරකථනය බ්‍රිතාන්‍ය පවුම් 449කට විකිනීමට තීරණය කරලා තියෙනවා ලංකාවේ මුදලින් රුපියල් අසූදහසකට ආසන්නයි. එවගේම ඇපල් අයිෆෝන් 7 දුරකථනය සහ ගූගල් පික්සල් දුරකථන දෙකම විකිනෙන්නේ පවුම් 719ක මුදලකට(රුපියල් එක්ලක්ෂ විසි නවදහසකට ආසන්න) බැවින් කැමරාව හොඳ ස්මාට්ෆෝන් එකක් ඕන නම් කොඩැක් එක්ට්‍රා එයට හොඳ විසඳුමක්!

kodakedit1-1{:}{:en}We all picture a camera whenever we hear the Kodak name. Because, Kodak is one of the most popular camera manufactures. In a time where smartphone manufactures add two cameras to their smartphone to sell it, can the king of Cameras win smartphone market with a one camera? This is about Kodak’s smartphone made just for shooting photos, Kodak Ektra.

Kodak is a fully American company started in 1888. Kodak Ektra is 1941’s best camera. One of the ancestors of current DSLRs. Kodak’s first smartphone is not Ektra. It’s Kodak IM5 released in 2015. But it was not a success because it couldn’t fight with other smartphones in the market. But it was a door to Kodak to enter smartphone world. And the other thing is, Kodak Ektra is not the first smartphone featuring a good camera. Nokia Lumia 1020 and Samsung Galaxy Zoom is also smartphones which featuring a great camera.

VIDEO Review in Sinhala :

{:}

Leave a Reply