iPhone X එක හදන්න ඇපල් එකට ඇත්තටම යන ගාන

ඇපල් සමාගමේ මෙතෙක් නිකුත් කරන ලද සුවිශේෂීම මෙන්ම අනෙක් දුරකතන වලින් කැපී පෙනෙනම ස්මාට්ෆෝනය වන්නෙ ඇපල් අයිෆෝන් 10 එකයි.

ඇමරිකාවේදී ඩොලර් 999කට 64GB model එක විකිණෙන මේ දුරකතනය හදන්න ඇපල් සමාගමට ඇත්තටම වියදම් වන මුදල කීයක් කියලාද හිතන්නෙ?

කිසිම සමාගමක් දුරකතනයක් නිශ්පාදනයට යන වියදම හෙලි කරන්නෙ නෑ. නමුත් TechInsights වෙබ් අඩවිය අයිෆෝන් එක්ස් එකේ විවිධ කොටස් සදහා යන වියදම එකතුකල පෙන්වා දී තිබෙනවා.

ඔවුන් පෙන්වාදෙන පරදි එක ෆෝන් එකක් සදහා $357.50ක් මුදලක් තමා වැයවෙන්නේ. ඒ කියන්නෙ එක unit එකකින් 64%ක ආදායමක් තිබෙනවා. අයිෆෝන් 8 එකකින් ඔවුන්ට ලැබෙන්නේද 59%ක ආදායමක් පමණයි.

කෙසේ නමුත් අයිෆෝන් එක්ස් හි ඇතැම් උපාංග වලට අයිෆෝන් 8 එකට වඩා ඇපල් සමාගමට වියදම් යනවා. විශේශයෙන් ඩිස්ප්ලේ එකට. අයිෆෝන් 8 එකට ඩොලර් 36ක් පමණ වියදම් වුණත්, අයිෆෝන් එක්ස් එකට ඩොලර් 65.50ක් පමණ වියදම් වෙනවා.

එක්ස් එකේ මල නොබැදෙන වානෙ බදට ඇපල් සමාගම ඩොලර් 36ක් වියදම් වෙනවා. අයිෆෝන් 8 එකට වියදම් වනවාට වඩා ඩොලර් 15ක් වැඩියි.

හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. අපි මේ කිව්වෙ උපාංග සදහා යන වියදම. මේකට තව වියදම් රැසක් එකතු වෙන්න තියෙනවා.

එකලස් කිරීමට යන වියදම්, තාක්ශණික සහ නිර්මාණ පර්යෙෂණ වියදම්, වෙළද දැන්වීම් සදහා යන වියදම් වගේම බෙදාහැරීම සදහාද යම් වියදමක් යනවා. ඒ සියල්ලද එකතුවෙලා ඇපල් සමාගමේ ලාභයද එක්තුවෙලා තමයි අවසන් මිළ තීරණය කරන්නෙ.

Leave a Reply