චිත්‍ර‍පටිවල පමණක් දුටුදෑ ඇත්ත කරන ගූගල්ගේ රහස් ව්‍යාපෘතිය – ප්‍රොජෙක්ට් සොලී

ගූගල් සමාගම විවිධ රහස් ව්‍යාපෘති කාලෙන් කාලෙට සිදුකර ඒ පිළිබඳව ලෝකයා පුදුමයට පත්කරනවා. ඉබේ ගමන්කරන වාහන, ගූගල් ග්ලාස්, රොබෝ චීටා වැනි දෑ එයින් කීපයක්. එවගේම ගූගල් සමාගම තවත් විශ්මිත රහස් ව්‍යාපෘතියක් ගැන තොරතුරු හෙලිකරා. ඒ පොජෙක්ට් සොලී(Project Soli).

අයන්මෑන් වැනි චිත්‍ර‍පටිවලදි නම් අපි ඕනෑතරම් දකිනවා ස්පර්ශ නොකර යම් යම් දෑ අතින් සිදුකරනවා. මේ තාක්ෂණයෙන්ද සිදුකරන්නේ ඒ චිත්‍ර‍පටවල දුටු දේ සැබෑ ලෝකයේදි සිදුකිරීමයි. ගූගල් සමාඟම නිර්මාණය කර තිබෙන මේ අලුත් සංවේදකය රේඩාර් තාක්ෂණයද භාවිතා කර, ඔබේ ඇඟිලි චලනයන් ග්‍ර‍හනය කරගැනීමට පුලුවන්කම ලැබී තිබෙනවා. උපාංගය හෝ ඩිස්ප්ලේ එක ටච් නොකර ඔබට අවශ්‍ය දෑ සිදුකරගැනීමට පුලුවන්.

gif1_1433768262

පුංචි ස්මාට්ෆෝන් චිප් එකක තරම් ප්‍ර‍මාණයක ඇති මේ සංවේදකයට ඔබේ අත අතත්‍ය උපාංගයක්(Virtual Device) බවට හැරවීමේ හැකියාව තිබෙනවා. උදාහරණයකට ඔබට මෙමඟින් ඔරලෝසුවේ වේලාව ඔරලෝසුව අල්ලන්නේ නැතුව කරන්න පුලුවන්. ඔබේ සංගීත ධාවකයේ ගීත වෙනස් කිරීම, ශබ්දය අඩුවැඩී කිරීම එය අල්ලන්නේ නැතුව කරන්න පුලුවන්.

gif2_1433768292

මේ සංවේදකයේ තිබෙන්නේ ඇඟිලිවල සියුම් චලනයන් පවා හඳුනාගත හැකි රේඩාර් එකක්. මෙමඟින් තත්පරයකට වෙනස්වීම් 10,000ක් හඳුනාගන්නට පුලුවන්. එනම් ඔබ ක්ෂණයකින් සිදුකරන ඕනෑම ඇඟිලි චලනයක් මෙයට හඳුනාගැනීමේ පුලුවන්කම තිබෙනවා. මෙය ඉතාම කුඩා චිප් එකක් බැවින් ඕනෑම උපාංගයකට මෙය සවිකිරිමේ හැකියාවද තිබෙනවා.

ඉදිරියේදී සමහරවිට ටච් නොකර ටච් කරන ස්මාට්ෆෝන්, රිමෝට් නැතුව ක්‍රියාත්මක කලහැකි රූපවාහිනී ආදිය වෙළඳපලට ආවොත්, පුදුමවෙන්න දෙයක් වෙන එකක් නෑ.!

Leave a Reply