මහත අයට කෙට්ටු වෙන්න රෑ කෑම මේ වෙලාවට ගන්න

මහත අයට තියෙන ලොකුම ගැටලුවක් තමයි ඇඟේ තිබෙන මේදය ලේසියෙන් ඉවත් කරගන්න බැරි එක. මේ මේද තට්ටු නිසා සිරුරට ඉතා අවලස්සන පෙනුමක් මෙන්ම විවිධාකාරයේ රෝගයන්ටද මුහුණදෙන්නට සිදුවෙනවා. ඇමරිකාවේ සිදුකරන ලද අලුත්ම පරීක්ෂණයක් මඟින් විද්‍යාඥයින් හෙළිකරගෙන තිබෙනවා රාත්‍රී ආහාරවේල ගන්නා වෙලාව අනුව සිරුර මහත්වෙන්නට හෝ කෙට්ටු වෙන්නට බලපාන බව.

eTRF ලෙස හඳුන්වන මේ ක්‍ර‍මයේදී ඔවුන් තෝරාගත් මිනිසුන් කීපදෙනෙක් යොදාගෙන පර්යේෂණය සිදුකලා. සවස 2ට ඔවුන්ට ඔවුන්ගේ දිනයේ අවසන් භෝජනය ලබාදෙන ලදී. ඔවුන් ඉන්පසු ආහාරය ගන්නේ ඊළඟ දිනයේ උදෑසනයි.

එක් දිනයකදී අඩු වේලාවක් ආහාර ගැනීමත්, වැඩි වෙලාවක් ආහාර නොගැනීමත් නිසා ආහාර දිරවීම සහ සිරුරේ මේද ඉවත්කිරීම ඉක්මන් කර බරද අඩු කරනවා. උදේ 8 සහ සවස 2 ආහාර සඳහා වෙන්කර ඉතිරි පැය 18දී බඩගින්නේ ඉන්නවා. මේ ක්‍ර‍මය ඉතාම සාර්තක බව අපට අපේ පර්යේෂණ වලින් පෙනී ගියා. මේදය සහ කාබෝහයිඩ්‍රේට් දවන රටාවට දැඩි බලපෑමක් හොඳ විදියට මෙමඟින් ඇතිවුනා. හැකිනම් රාත්‍රී ආහාර වේල නොගැන ඉඳීම තවත් යහපත් යැයි පෙනිග්ටන් ජීවවිද්‍යා පර්යේෂණායතනයේ පර්යේෂක කර්ට්නි පීටර්සන් මහතා පවසා සිටිනවා.

eTRF තවම පර්යේෂණ සිදුකරගෙන යන ක්‍රියාවලියක්. ඇතැම් අවස්ථාවලදී ඔවුන් ඉතා සර්ථක වුවද ඇතැම් විට මධ්‍යස්ථ ප්‍ර‍තිපල ලැබී තිබෙනවා. පර්යේෂණයේ අවසන් ප්‍ර‍තිපල කෙසේදැයි තවම කිව නොහැකියි.

Leave a Reply