ලෝකයම බලාසිටි ස්මාට්ෆෝන් ලෝකයේ දැවැන්තයා වන සැම්සුන් සමාගමේ මේ වසරේ ෆ්ලැග්ශිප් සීරීස් එක ලෙස, ගැලැක්සි S10e, S10 සහ S10+ මීට පැය කීපයකට පෙර හදුන්වාදුන්නා. ඒ කලිෆෝනියාවෙ සැන් ෆ්‍රැන්සිස්කෝ හි Bill Graham Civic Auditorium හිදී. එරට වේලාවෙන් උදෑසන 11ට මෙම හදුන්වාදීමේ උත්සවය පටන්ගත්තා. මෙහිදී ගැලැක්සි ෆෝන් 5ක් ඔවුන් ඉදිරිපත් කලා.

 

Galaxy S10+

ගැලැක්සි එස්10+ තමයි එස්10 මාලාවේ උඩින්ම ඉන්නේ. අගල් 6.4ක ඇමෝලෙඩ්(Dynamic AMOLED) ඩිස්ප්ලේ එකක් තිබෙන්නේ. 1440p+ රිසොලූෂන් එකක් තමයි ඩිස්ප්ලේ එකේ තියෙන්නේ.

‌‌සෙල්ෆී සදහා dual punch hole එකක් තියෙනවා ඩිස්ප්ලේ එකේම. එයින් ප්‍රධාන කැමරාව මෙගාපික්සල් 10ක්. මෙයින් 4කේ දක්වා සෙල්ෆී වීඩියෝ රෙකෝඩ් කරන්න පුලුවන්. දෙවැනි කැමරාව මෙගාපික්සල් 8ක්. එයින් තමා වස්තුවට ඇති දුර හදුනගන්නේ.

පසුපස කැමරා තුනක් තිබෙනවා. පුධාන කැමරාව මෙගාපික්සල් 12ක එකක්. Dual Pixel autofocus මගින් ඉක්මනින් ෆෝකස් වීමද, නොසෙල්වී වීඩියෝ කිරීම සදහා OIS තාක්ෂණයද තිබෙනවා. මෙහි ඇපචර් එක f/1.5 සහ f/2.4 අතර මාරුකිරීමට පුලුවන්. දෙවැනි කැමරාව මෙගාපික්සල් 12ක telephoto ලෙස්න් එකක්. මෙහිද OIS සහ ෆෝකස්වීම සදහා Phase Detection තාක්ෂණය තිබෙනවා. අනෙක් කැමරාව වන්නේ අංශක 123ක ultra-wide එකක්.

ඩිස්ප්ලේ එක යට ලෝකයේ මුල්ම ultrasonic fingerprint සෙන්සර් එක තියෙනවා. ත්‍රිමාණ ලෙස ඇගිලි සලකුණ හදුනාගන්නට මෙයට පුලුවන්.

Snapdragon 855 හෝ Exynos 9820 චිප්සෙට් එක මෙය බලගන්වනවා. 8GB RAM මතකයක් සහ 128GB අභ්‍යන්තර මතකයක් අඩුම සංස්කරණයේ තිබෙනවා. මිළ වැඩිම සංස්කරණයේ 12GB RAM මතකයක් සහ දැවැන්ත 1TB අභ්‍යන්තර මතකයක් තිබීමද සුවිශේෂයි.

දුරකථනයේ බැටරිය 4,100mAhක්. Adaptive Fast Charge මගින් ඉක්මනින් චාජ් කිරීමටද, වයර් රහිතව චාජ් කිරීමට Fast Wireless Charging 2.0 තාක්ෂණයද තිබෙනවා.

 

Galaxy S10

එස්10+ දුරකථනයට බොහෝ සෙයින් මෙය සමානයි. වෙනස් වන්නේ මෙහි ඩිස්ප්ලේ එක අගල් 6.1ක්. එවගේම ඉදිරිපස තිබෙන්නේ එක මෙගාපික්සල් 10 කැමරාව. පසුපස 12MP ප්‍රධාන කැමරාවක්(f1.5 සහ f/2.4), 12MP ටෙලිෆොටෝ ලෙන්ස් එකක්, 16MP වයිඩ් ඈන්ගල් ලෙන්ස් එකක් තිබෙන්නේ.
රැම් එක 8ජීබී තිබෙන 128 සහ 512 අභ්‍යන්තර මතක තිබෙන සංස්කරණ දෙකක් තිබෙනවා. බැටරිය 3,400mAh

 

Galaxy S10e

ගැලැක්සි එස් 7 එකෙන් පස්සේ ගැලැක්සි S සීරීස් එකේ ෆ්ලැට් ඩිස්ප්ලේ එකක් එන මුල්ම ෆෝන් එක මේක. අගල් 5.8ක Dynamic AMOLED පැනල් එකක් මේක. HDR+ පවා මේකේ තියෙනවා. ඩිස්ප්ලේ එකේ රිසොලුෂන් එක නම් 1080p+ වලට අඩුකර තිබෙනවා. මේකේ නම් ෆින්ගර්ප්‍රින්ට් ස්කෑනර් එක තියෙන්නේ ෆෝන් එකේ පැත්තෙන්.

පසුපස කැමරා දෙකයි තියෙන්නේ. 12MP ප්‍රධාන කැමරාව සහ වයිඩ් ඈන්ගල් ලෙන්ස් එක විතරයි මේකේ තියෙන්නේ. සෙල්ෆි කැමරාව වන්නේද ගැලැක්සි එස්10 එකේ පාවිච්චි කරන 10MP/4K කැමරාවයි.

අනෙක් ෆෝන් දේකම වගේම මේකෙත් AKG සමාගම විසින් ටියුන් කරන ලද ස්ටීරියෝ ස්පීකර් තිබෙනවා.

ආරම්භක සංස්කරණය වන්නේ 6GB RAM සහ 128GB අභ්‍යන්තර මතකයක් ත‌ිබෙන සංස්කරණයෙන්. 8GB/256GB සංස්කරණයක්ද මෙහි තිබෙනවා. බැටරිය 3,100mAh.

ෆෝන්වල චිප්සෙට් කූල් වන්නට vapor chamber ෆෝන් තුල තිබෙනවා.

සංස්කරණ තුනේම LTE වේගය 2Gbps දක්වා ලැබෙනවා. Wi-Fi 6 මගින් 1.2Gbps දක්වා හුවමාරු වේගයක්ද, NFC මගින් මුදල් ගෙවීමේ හැකියාවද තිබෙනවා. IP68 සහතිකය තිබෙන නිසා වතුර සහ දූවිලි වලින් සිදුවන හානිද අවම කර තිබෙනවා.

දුරකථනවල මිළ ගණන් පහත සදහන් වගුවෙන් බලාගන්න පුලුවන් වෙයි ඔයාලට

 

 

ගැලැක්සි දුරකතන මාලාවේ 10 වැනි සංවත්සරයද මේ වසරේ තිබීම විශේෂත්වයක්.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.