Display එකේ Fingerprint එන ලොව ප්‍ර‍ථම ස්මාට්ෆෝනය එළිදකී

ඇඟිලි සලකුණු මඟින් දුරකථනය අන්ලොක් කිරීම මේ වන විට සාමාන්‍ය දෙයක් වෙලා. නමුත් අපි චිත්‍ර‍පටිවලදී දකිනවා වගේ ඩිස්ප්ලේ එකට ඇගිල්ල තියලා අන්ලොක් කරන්න මෙච්චර ඉක්මනට පුලුවන් වේවි කියලා කවුරුවත් හිතන්නේ නැතුව ඇති. Vivo සමාගම තමයි මේ විශේෂාංගය දුරකථනයකට ඇතුලත් කරන පලමු සමාගම වශයෙන් ඉතිහාසගත වන්නේ. CES 2018 වාර්ෂික සමුලුවේදී ඔවුන් මෙය හඳුන්වාදුන් අතර ඇත්තටම මෙහිදී පෙන්වපු දුරකථනය අවසාන නිර්මාණයට ඉතාම ආසන්න එකක්.

සාමාන්‍ය fingerprint sensor එකක් වැඩකරන පරිදි ඔබේ ඇඟිල්ල ඩිස්ප්ලේ එක පහල කොටසේ තැබූ විට ෆෝන් එක අන්ලොක් වෙනවා. සරළයි. හැබැයි අනෙක් දුරකථන වගේ ක්ෂණයකින් නෙවෙයි. තත්පරයකින් තුනෙන් පංගුවක් පමණ වෙලාවක් වැයවෙනවා. නමුත් මේ කාලය ඉදිරි අවසන් එළිදැක්වීමේදී තවත් අඩුවෙන්නට බොහෝ ඉඩ තිබෙනවා.

මෙම අලුත් තාක්ෂණය සඳහා යොදාගන්නට නම් දුරකථනයේ ඩිස්ප්ලේ එක OLED එකක් වන්නට ඕනා. මොකද මෙහි තිබෙන සෙන්සර් එකට එවිට තමයි OLED සිදුරු හරහා ඔබේ ඇඟිලි සලකුණ කියවන්නට හැකිවන්නේ.

විවෝ සමාගම චීනයේ ජනප්‍රිය එකක් වුනාට අනෙක් රටවල නම් එතරම් ප්‍ර‍සිද්ධ නෑ.. විවෝ සමාගම මෙම දුරකථනය මේ වසරේ මුල් කාර්තුවේ එලිදක්වාවි යැයි බොහෝ දෙනා පවසනවා. මේ තාක්ෂණය අනෙක් සමාගම් තමන්ගේ දුරකථන සඳහාද යොදාගන්නා කාලය වැඩි ඈතක නෙවෙයි. මෙම අලුත් ඇඟිලි සලකුණු කියවන තාක්ෂණය Synaptics සමාගමේ නිර්මාණයක්.

Leave a Reply

%d bloggers like this: