Facebook Lite ඇප් එක ඇපල් දුරකතනවලටත් !

ෆේස්බුක් සමාගම විසින් ෆේස්බුක් ලයිට් ඇප් එක හදුන්වාදුන්නේ 2015 වසරේදි. ඒ, සාමන්‍ය ඇප් එකට වඩා ඩේටා අඩුවෙන්, ඕනම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක ක්‍රියාත්මක වන අයුරෙන්.

එය බොහෝ ජනප්‍රිය වුනා බොහෝ දෙනා අතර. එයට ප්‍රධානම හේතුව සාමන්‍ය ෆේස්බුක් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකට බැටරිය බොහොමයක් වේගයෙන් අඩුවීමයි. එවගේම ‍‍රැම් මතකය අඩු දුරකතන වලදී පාවිච්චිය අමාරු වීමයි.

ලයිට් ඇප් එක මෙතෙක් ලබාදී තිබුනේ ලංකාව, ඉන්දියාව, වැනි දියුනු වෙමින් පවතින රටවලටයි. එයත් ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සදහා පමනයි. එය වෙනස් කරමින් ෆේස්බුක් සමාගම අයිඕඑස් දුරකතන සදහා ලයිට් ඇප් එක ලබාදී තිබෙනවා. මෙය දැනට තුර්කිය සදහා පමණක් ලබාදී තිබෙනවා.
ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සදහා ලයිට් එක ලබාදීමේදී මුලින් දියුණු වෙමින් පවතින රටවලට ලබාදුන්නද මෙවර ඇපල් දුරකතන සදහා ලබාදීමේදී දියුණු රටවලට මුලින් ඔවුන් ලබාදෙන අයුරක් පෙනෙන්නට තිබෙන්නෙ.

ඇපල් දුරකතන සදහා ලබාදී තිබෙන ෆේස්බුක් ලයිට් ඇප් එක මෙගාබයිට් 5ක් පමණයි.

Leave a Reply

%d bloggers like this: