Facebook Games ඉන්ටර්නෙට් නැතුව සෙල්ලම් කරන්න පුලුවන් ක්‍ර‍මයක් ඔයා එදා ඉඳන්ම හිතන්න ඇති නේද? සමහර ගේම් නම් දැනටම අන්තර්ජාලය නොමැතිව වි්නඩෝස් පරිඝනක වල ක්‍රියාත්මක කරන්න පුලුවන් වුනාට ගොඩක් ගේ්ම්ස් එහෙම බෑ. එවගේම ෆේස්බුක් සමාගමේ ගේම්ස් ස්මාට්ෆෝන් සඳහා ලබාදෙන්න ඒ ඒ සමාගම් පටන් ගත්තට පස්සේ ෆේස්බුක් වෙතට පිවිස ගේම් ගහන පිරිස ගොඩක් අඩුවුනා. ඉතින් මේ ගැටලු සේරම විසඳගන්න ෆේස්බුක් සමාගම අද දිනයේ Facebook Gameroom හඳුන්වාදෙනවා.

වින්ඩෝස් 7 සහ ඉහලට තිබෙන වින්ඩෝස් මෙහෙයුම් පද්ධති මත ෆේස්බුක් ගේම්රූම් ක්‍රියාත්මක කරන්නට පුලුවන්. මෙහිදී ඔයා ෆේස්බුක් එකේ සෙල්ලම් කරන ක්‍රීඩා පරිඝනකට ඩවුන්ලෝඩ් කරගෙන සෙල්ලම් කරන්න පුලුවන්. අන්තර්ජාලය නොමැතිව ක්‍රියාත්මක වන්නේ මේ මෘදුකාංගය. පළමුව ඔයාට ගේම්රූම් ඩවුන්ලෝඩ්කරගන්න වෙනවා. http://www.facebook.com/gameroom/ වෙතට පිවිස එය ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

ඊට පස්සේ එය විවෘත කලාම ඔයාට ඔයාගේ ෆේස්බුක් ගිණුම වෙතට පිවිසෙන්නට අවස්ථාවක් ලබාදේවි. ඔයා වින්ඩෝස් 10 පරිශීලකයෙක් නම්, ෆේස්බුක් ඇප්ලිකේෂනය ඉන්ස්ටෝල් කරලා තියෙනවානම් ස්වංයක්‍රීයවම ඔයාගේ ෆේස්බුක් ගිණුමට පිවිසේවි.

ඊට පස්සෙ ඔයාට පහත ආකාරයේ තිරයක් පෙනේවි. එයින් ඔයාට කැමති ගේම් එක තෝරලා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාට ඒ ක්‍රීඩාව ඉන්ටර්නෙට් නැතුවම සෙල්ලම් කරන්න හැකියාව තියෙනවා.

facebook-gameroom-home

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.