මේ දවස්වල මුස්ලිම් ව්‍යාපාර ගැන ගොඩක් අය කතාවෙනවානේ. ඒ අතරට Etisalat පාවිච්චි කරන්න එපා කියලා කියන්න පටන් අරන් තියෙනවා. ඇත්තටම එටිසලාට් ”තම්බි” ද?  

මේක ගොඩක් අය පටලවා‍‍ගෙන ඉන්නවා. තාම නොදැනුවත්කම නිසා. Etisalat Sri Lanka ආයතනය අයිතිවන්නේ දැන් සම්පූර්ණයෙන්ම පාහේ Hutch Sri Lanka ආයතනයට. හරියටම කිව්වොත් 85%ක අයිතියක් තියෙනවා දැන්. හච් ආයතනය හොං කොං ආයතනයක්.  එහි බොහෝ ඉහළ තනතුරු දරණ අය බෞද්ධ. එවගේම හොං කොංහි ධනවත්ම පුද්ගලයෙකු ලෙස හඳුන්වන Li Ka-shing මහතා හච් මවු ආයතනයේ ”ලොකුම ලොක්කෙක්.” ඔහු පසුගිය දිනෙක ලෝකේ ලොකුම බෞද්ධ කෞතුකාගාරයකුත් විවෘත කලා.  

නැවත කතාවට බහිමුකෝ. මේ වන විට ජාල දෙක වෙන වෙනම ක්‍රියාත්මක වුණත්, ඉදිරි මාස 8 වගේ ඇතුලත(මේ වසර අවසාන වීමට පෙර අනිවාර්යෙන්ම) එකම ජාලයක් බවට පත්වේවි.  ඒවගේම දැනට තියෙන එටිසලාට සන්නිවේදන කුළුණුත් සියල්ල 3G හෝ 4G බවට පත්වෙනවා. ඒ කියන්නේ වැඩි කාලයක් යන්න කලින් 072 අංක තියෙන අයටත් 4G පාවිච්චි කරන්න පුලුවන් වෙනවා. හැබැයි සිම් එක 4G වලට upgrade කරගන්න ඕන. 072 අයට 078 වෙන්න වුවමනා නෑ.

ගොඩක් වෙලාවට ඔයාලට ඉස්සරහට 072 අංකත් හච් එකෙන්ම ගන්න පුලුවන් වේවි. එවගේම එටිසලාට් showroom සියල්ලම නැතිවෙනවා. ඒවායේ කටයුතුත් Hutch ආයතනයෙන්ම සිදුවෙන නිසා. ගොඩක් දෙනෙක් අහලා තියෙනවා Cliq ඇප් එක ගැන. ඒක ඇතුලු එටිසලාට් හි කිසිම දෙයක් නැතිවෙන්නේ නෑ. ඉදිරියේදි තවත් බොහෝ විශේෂාංග නම් එකතුවේවි.  

එවගේම එටිසලාට් යන නාමය නැතිවෙනවා මේ අවුරුද්ද ඇතුලත. මේ එකතුවත් එක්ක හච් තමයි ලංකාවේ 3 වැනි ලොකුම සන්නිවේදන ජාලය වන්නේ. ඉතිං මේ ලිපිය දැම්මේ මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් නිසාම නෙවෙයි. මේක සන්නිවේදනයට සම්බන්ධ දෙයක් නිසා. ඉතිං මම හිතනවා ගොඩක් අයට තිබුණු ගැටලු මේකෙන් විසඳෙන්න ඇති කියලා. ආයේ ගැටලුවක් තියෙනවනම් කමෙන්ට් එකකින් අහන්න.  

තොරතුරු ලබාදීමට ස්තූතිය හච් ශ්‍රී ලංකා ආයතනයට.  

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.