හිරු එළියෙන් ආරෝපනය වන iPhone X Tesla සංස්කරණයක් එළිදැක්වේ

Caviar නැමති රුසියානු සමාගම ගැන ඔයා සමහරවෙලාවට අහලා ඇති. Caviar කියන්නේ අයිෆෝන් හි විශේෂ සංස්කරණයන් නිෂ්පාදනය කර එළිදක්වන සමාගමක්. ඔවුන් පසුගියදා නිවේදනය කලේ සුවිශේෂී අයිෆෝන් එක්ස් හි ටෙස්ලා සංස්කරණය එළිදක්වන බවයි.

මෙම ෆෝන් එක පිටුපස උඩට හරවා ආලෝකය වැටෙන තැනක තියලා තියනවනම්, ස්වංයක්‍රීයව බැටරිය ආරෝපනය වනවා. මෙහි බඳ බිම වැටිම් ආදියට ඔරොත්තු දෙන්න විශේෂිතවූ ආකාරයට නිපදවාද තිබෙනවා. එවගේම කැමරාව අසල ඔයාට පේන්නේ රත්තරං පාටට, රත්තරං තමා.

සමාගම අයිෆෝන් 10 හි තිබෙන වීදුරු බඳ වෙනුවට ටයිටේනියම් බඳක් යොදා තිබෙන්නේ. 

සමාගම පවසන පරිදි මෙයට ටෙස්ලා නාමය යොදා තිබෙන්නේ ශ්‍රේෂ්ට විද්‍යාඥයන් තුන්දෙනෙක් වන, නිකොලා ටෙස්ලා, ස්ටීව් ජොබ්ස් සහ ඊලොන් මස්ක් තිදෙනාට ගෞරවයක් වශයෙන්.

මේ විශේෂ අයිෆෝන් 10 එකේ මිළ නම් සාමාන්‍ය එකට වඩා 4 ගුණයක් වැඩියි. ගිගාබයිට් 64 සංස්කරණය ඩොලර් 4,445ක් හෙවත් රුපියල් හයලක්ෂ අනූදහසකට ආසන්න මුදලකටත්, ගිගාබයිට් 256 සංස්කරණය රුපියල් ලක්ෂ 7

Leave a Reply