Chris Evans කැප්ටන් ඇමරිකා චරිතයෙන් ඉවත්වෙයි

මාවල් ඇවෙන්ජර්ස් චිත්‍රපටි මාලාවේ කැප්ටන් ඇමරිකා ලෙස රගපැ ක්‍රිස් එවන්ස් වසර 8කට පසු එම චරිතයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. කැප්ටන් ඇමරිකා ෆර්ස්ට් ඇවෙන්ජර්ස් චිත්‍රපටයෙන් එම චරිතය පටන්ගත් ක්‍රිස්, කැප්ටන් ඇමරිකා ලෙස චිත්‍රපටි 10 රගපා තිබෙනවා.

4 වැනි ඇවෙන්ජර්ස් චිත්‍රපටිය, එනම් කතා මාලාවේම 22 වැනි චිත්‍රපටය ඔහුගේ අවසන් චරිත රගපැම වනු ඇත. ඔහුගේ නිල ට්විටර් ගිණුමේ, මේ පිළිබදව පවසා තිබුනා.

Marvel Cinematic Universe මෙතෙක් කලකට බිහිවූ හොදම චිත්‍රපට මාලව බවට මේ වන විටත් පත්වී හමාරයි. එයි 4 වැනි චිත්‍රපට වශයෙන් තමයි කැප්ටන් ඇමෙරිකා තිරගතවූයේ. ඒ වගේම බොහොමයක් ඇවෙන්ජර්ස් චරිතවල කොන්ත්‍රාත් කාලය ඇවෙන්ජර්ස් 4 චිත්‍රපටයෙන් අවසන් වන බවයි පවසන්නේ. එම චරිතවලට කුමක් සිදුවේද යන්න එම චිත්‍රපටයෙන්ම බලන්න සිදුවෙනවා.

Leave a Reply

%d bloggers like this: