BlackBerry සමාගමත් ඇන්ඩ්‍රොයිඩ් වලට බහිවිද?

අයිෆෝන් සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන නිසා වැඩිම බලපෑමකට ලක්වුණේ බ්ලැක්බෙරි සමාගම බව කීවොත් නිවැරදියි. මොකද ඒ මෙහෙයුම් පද්ධති සමඟ කරට කර තරඟයක් දෙන්නට පුලුවන් නිෂ්පාදන එළිදක්වන්නට ඔවුන්හට බැරිවුන බැවින්.

gsmarena_001

රොයිටර්ස් වාර්ථාවකට අනුව බ්ලැක්බෙරි සමාගමේ ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය ලෙස අනුමාන කල හැක්කේ Mobile World Congress (MWC) හිදී ඔවුන් හඳුන්වාදුන් දුරකථනයයි(ඉහත රූපය). QWERTY යතුරුපුවරුවක් සහ ස්පර්ෂ තිරයක් තිබෙන බවටයි වාර්ථාවල සඳහන් වන්නේ.

BlackBerry 10 මෙහෙයුම් පද්ධතියේ ඇති ප්‍රධානතම අඩුපාඩුව වන්නේ එහි ඇත්තේ සීමිත ප්‍රමාණයක ඇප්ලිකේෂන් ප්‍රමාණයක් වීමයි. බ්ලැක්බෙරි දුරකථන භාවිතය මේ වන විට ඇත්තේ ස්මාට් ජංගම දුරකථන වෙළඳපලෙන් 1%ක් තරම් අඩු ප්‍රතිශතයක්. එතරම් අඩු මට්ටමක සිටින බ්ලැක්බෙරි සමාගම, ඇන්ඩ්‍රොයිඩ් දුරකථන නිෂ්පාදනය ආරම්භ කිරීම සුභදායක වන්නට පුලුවන්. මොකද බ්ලැක්බෙරි සමාගම දුරකථනයේ නිෂ්පාදනය සහ ගුණාත්මක බවින් තවම ඉහළ තැනක සිටින නිසා එයට ඇන්ඩ්‍රොයිඩ් එකතු වුවහොත් සමාගමට පාඩුවක් සිදුවීමට නම් කිසිම හැකියාවක් නෑ.

 

Leave a Reply

%d bloggers like this: