පුංචි අලි පැටියෙක් තමන්ගේ මිනිස් මිතුරාව ගඟෙන් බේරගන්නා සංවේදී විඩියෝව

උතුරු තායිලන්තයෙන් හරිම අපූරු සංවේදී විඩියෝවක් අන්තර්ජාලයට පසුගිය ඔක්තෝබර් 12 වැනිදා නිකුත්වුනා. මේ ලිපිය ලියන විට මිලියන 4ක් මේ වීඩියෝව නරඹා තිබෙන්නේ මේ වීඩියෝව එතරම්ම සමාජ ජාල හරහා ජනප්‍රිය වූ බැවින්. පුංචි අලි පැටියෙක් තමන්ගේ මිනිස් මිතුරාව වතුරේ ගිලෙනවා දැකලා දුවගෙන ඇවිත් ඔහුව බේරගන්නා අයුරු මේ වීඩියෝව හරි ලස්සනට සටහන් වී තිබෙනවා.

ඛාම් ලා නැමති අලි පැටියා සහ ඩැරික් යන ඔහුගේ පුහුණුකරු අතර ඇති මේ අපූරු බැඳියාව හරිම පුදුම සහගතයි. උතුරු තායිලන්තයේ ජාතික උද්‍යානයකදී මේ වීඩියෝවෙදි ඇත්තටම පුහුණුකරු ගිලෙන්නේ නෑ. ඔහු එලෙස පෙනී ඉන්නවා. එය දුටු සැනින් තම රංචුවෙන් වෙන්වී අලි පැටියා ඇවිත් ඔහුව හොඬවැලෙන් ඇදලා ගන්නවා.

අපි ආදරයෙන් සත්තුන්ට සැලකුවොත්, එයාලත් අපිට ඒ ආදරයම නැවත ගෙවනවා කියලා යූටියුබ් වීඩියෝවේ ඔවුන් සඳහන් කර තිබුනා. මෙන්න වීඩියෝව…

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: