Apple Watch එකට දෙවෙනි නොවෙන සුපිරිම Xiaomi Smartwatch එක ගැන සිංහලෙන් (Video)

කීපදෙනෙක් ඉල්ලලා තිබුන නිසා Smartwatch රිවීව් එකක් කරන්න තීරණය කලා. මුලින්ම මම review කරන්න තෝරගත්තේ Xiaomi සමාගමේම ඉතාම ජනප්‍රිය ස්මාට්වොච් එකක් වන Amazfit Pace එක. මේක මම තෝරගත්ත හේතුවත් කියන්නම් සම්පූර්ණ review එකේදිම.
එවගේම Gearbest එක මතක් කරන්න ඕන මේ සඳහා අනුග්‍රහය දැක්වුවාට. මේක මට EMS සීග්‍රගාමි තැපැල් සේවය හරහා සතියක් වගේ ඇතුලත ලැබුනා. ටැක්ස් එක විදියට ඉතාම පොඩි ගානක් තමා ගෙවන්න වුනේ.

Amazfit Pace Box

බොක්ස් එක ටිකක් සවිමත්. එවගේම ආකර්ශණීයයි. ස්මාට්වොච් එක එළියට පේන විදියට අපූරුවට එයත් හදලා තියෙනවා. බොක්ස් එක පිටිපස්සේ වොච් එකේ විස්තර තියෙනවා. Activity tracking, heart rate, GPS, music, always on display වගේ මේකේ ගොඩක් විශේෂාංග තියෙනවා. එවගේම වසරක වගකීම් කාලයක්ද ලබාදෙනවා.

බොක්ස් එක ඕපන් කලාම මුලින්ම තියෙන්නේ වොච් එක. ඒක බොක්ස් එකෙන් වෙන් කරලා වොච් එක වෙනම ගන්න පුලුවන් අපිට. වොච් එකේ ඩිස්ප්ලේ එකේ ස්ටිකර් එකක් ගහලා තියෙන්නේ. ඒක බැලූ බැල්මට පෙනෙන්නේ නම් වොච් එක ඔන් එකේ කියලා. වොච් එකේ පැත්තෙන් තියෙන බටන් එක තත්පර කීපයක් ඔබාගෙන ඉඳලා ඔන් කරන්න පුලුවන්. වොච් එකට අදාලව එන චාජින් ක්‍රේඩල් එක එක, යූඑස්බී කේබල් එක සහ මැනුවල් එක බොක්ස් එකේ ඔවුන් ලබාදීලා තියෙනවා.

පලවැනි වතාවට ඔන් වෙන්න නම් විනාඩි කීපයක් යනවා. ඇමේස්ෆිට් ලෝගෝ එකෙන් පස්සේ ඔයාලට qr code එකක් පෙන්වනවා. මෙතනදී තමයි ඔයාලගේ ෆෝන් එක වොච් එකට කනෙක්ට් කරන්නේ. ගූගල් ප්ලේස් ස්ටෝ එකෙන් හෝ ඇපල් ඇප් ස්ටෝ එකෙන් Amazfit watch ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්.

මුලින්ම ඇප් එකේ තියෙන්නේ ඔයාලගේ එකවුන්ට් එක හදන එක. සරළ පියවර කිපයකට පස්සේ ඔයාලගේ විස්තරත් ඉල්ලනවා. ඊට පස්සේ ඔයාලගේ ළඟ තියෙන වොච් එක මොකක්ද කියලා තෝරගන්න ඕන. මෙතනදි ඔයාලට qr code එක ස්කෑන් කරන්න පුලුවන්. ඊට පස්සේ වොච් එක pair කරන්න permission දෙන්න. ඔරලෝසුව ඔයා බඳින අත මොකක්ද කියලත් දෙන්න ඕන. එවගේම ඇප් එකට notification read කරන්න අවසරත් මෙතනදිම ලබාදෙන්න පුලුවන්. දැන් ඔයාට ඔයාගේ ස්මාට්වොච් එක පාවිච්චි කරන්න පුලුවන්. ආරම්භයේදිම මට වොච්එකට අප්ඩේට් එකක් තියෙනවා කියලා පෙන්නුවා. අප්ඩේට් කරන එකත් හරිම ලේසියි. වොච් එකෙන්ම ඔයාගේ ඕනැම වයිෆයි නෙට්වර්ක් එකකට කනෙක්ට් කරන්න පුලුවන්. ඊට පස්සේ ස්වයංක්‍රීයව අප්ඩේට් එක සිදුවෙනවා.

අප්ඩේට් වෙමින්

මේ වොච් එකේ තියෙන්නේ සාමාන්‍ය smartwatch වලට වඩා වැඩිදියුණු කල OS එකක්. එවගේම ඇමේස්ෆිට් පේස් වොච් එකේ විශේෂත්වයන් කීපයක්ම තියෙනවා අනෙක් සාමාන්‍ය ස්මාට්වොච් වලින් වෙනස්වන.
පළවැනි හේතුව මෙහි තිබෙන්නේ ALWAYS ON DISPLAY එකක්. එනම් අනෙක් ස්මාට්වොච් වගේ බටන් එකක් ඔබලා හෝ ටච් කරලා ස්ක්‍රීන් එක ඔන් කරගන්න ඕන නෑ. මෙහිදී පාවිච්චි වන්නේ transreflective display එකක්. දවල් කාලයේදී ඉතාම තීව්‍රව ඩිස්ප්ලේ එක මෙහි වැඩ කරනවා.
දෙවැනි හේතුව බැටරිය. ඔයාට දවස් 5-6ක් විතර පාවිච්චි කරන්න පුලුවන්. මම උදේ 7 ඉඳලා රෑ 9 විතර වෙනකල් ෆෝන් එකට කනෙක්ට් කරලා, සේරම නොටිෆිකේෂන් ආදිය වොච් එකට එන්න හදලා තියෙන්නේ. එහෙම කරලාත් දවස් 5ක් පාවිච්චි කරලා තව 20% ඉතුරුත් තියෙනවා.
තුන්වැනි හේතුව GPS තිබීම. ඔයා trip එකක් යද්දි, එහෙම නැත්නම් ක්‍රීඩාවක් වශයෙන් දුවනවානම් මේක ඉතාම වටින දෙයක් වේවි.
හතරවැනි හේතුව මෙහි මුහුණත සෙරමික් වලින් නිර්මාණය කර තිබීම. පෙනුම වගේම පාවිච්චියේදී කිසිදු සීරිමක් මෙයට සිදුවන්නේ නෑ. මොකද mohs scale එකේ උඩම හරියේ තමයි තියෙන්නේ සෙරමික්. එයට ගොඩක් පහතින් තමා විදුරු යකඩ වැනි දෑ තිබෙන්නේ.

ඇමේස්ෆිට් පේස් වොච් එක ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා තව. සම්පූර්ණ review එකෙන් හැමදේම මම කියන්නම්. ඔයාට මේ වගේ ගැජට් වලට කැමතියි නම් හෝ ස්මාට්වොච් ගැන බලනවානම් gearbest අඩවියේ ලින්ක් එක පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එවගේම මම ලබාදෙන කූපන් කෝඩ් එකෙන් ඔයාලට ඩිස්කවුන්ට් එක්කම මිළදීගන්නත් පුලුවන්.

මිළදීගන්න Link එක – http://bit.ly/xiaomiamazfitpace
Coupon – ZOOMGB01

Leave a Reply

%d bloggers like this: