සනී ලියොන් සහ ප්‍රියංකා චොප්රා චිත්‍රපටි නිෂ්පාදනයට

ඕනෑම කෙනෙකු නම ඇසූ පමණින් දන්නා ප්‍රියංකා චොප්රා සහ සනී ලියොන්ගේ ඊළඟ අභිප්‍රාය වනුයේ චිත්‍රපටි නිෂ්පාදනය බව ඔවුන් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. ඔවුන් දෙදෙනා ඒ විස්තර මෙසේ මාධ්‍යයට පවසා තිබෙනවා…

සනී ලියොනි

2012 වසරේ Jism2 චිත්‍රපටයෙන් බොලිවුඩයට පැමිණි සනී ලියෝනි, මේ වන විට චිත්‍රපටි ගණනාවක් බොක්ස් ඔෆිස් වාර්ථා තබන්නටද සමත්වී තිබෙනවා. “මට වගේම මගේ සැමියා ඩැනියෙල්ටත් බොලිවුඩ් චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීමේ අදහසක් තිබෙනවා. බොහෝ දෙනෙක් අහවි මගෙන් ඒ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ළඟදිම පටන් ගන්නවද කියලා. නෑ. කොහෙත්ම නෑ. ඊට කලින් අපි මේ ක්ෂේත්‍රය පිළිබඳව හොඳින් අධ්‍යයනය කල යුතුයි” යැයි ඇය මාධ්‍යයට පවසා තිබෙනවා
සනී ලියෝනිට සහ ඇගේ සැමියාට ලොස් ඇන්ජලීස් නුවර නිෂ්පාදන සමාගමක් තිබුනත්, ඔවුන් බොලිවුඩ් චිත්‍රපටි නිෂ්පාදනය සඳහා තවත් සමාගමක් අලුතින් පටන් ගන්නා බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. එමෙන්ම චිත්‍රපටි නිෂ්පාදනයේදී එකට වැඩ කර හැකි පිරිසක් සිටිය යුතු බවත්, සියලුදෙනාම එකසේ කටයුතු කල යුතු බවත් ඈ අවසානයේදි සඳහන් කර තිබුනා.

 

ප්‍රියංකා චොප්රා

වසර 12ක් බොලිවුඩ් සුපිරි තාරකාවක් ලෙස සිටි ප්‍රියංකාද චිත්‍රපටි නිෂ්පාදනයට පැමිණෙන බවයි සඳහන් කරන්නේ. Madhur Bhandarkar අධ්‍යක්ෂණය කර, ප්‍රියංකා විසින් නිෂ්පාදනය කිරීමට නියමිතව තිබූ Madamji චිත්‍රපටය නවත්වා දමා තිබෙනවා. නමුත් ඈ තම අදහස අතහැරගෙන නෑ. ඈ පවසන්නේ ඇය විසින්ම පිටපතද රචනා කර චිත්‍රපටියක් නිෂ්පාදනයට ඇගේ අදහස තිබෙන බවයි. “මේ දිනවල වැඩ එක්ක මට චිත්‍රපටිය නිෂ්පාදනය ටිකක් පහුකරන්න වෙලා තිබෙනවා. මොකද ඒකට හොඳට කාලය ඕන වෙනවා. එමෙන්ම ප්‍රියංකාගේ නංගි කෙනෙක් වන පරිනීති චොප්රා යොදා චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීම ගැන පසුගිය දිනවල රාවයක් පැතිර ගියා. “මම දන්නෙ නෑ ඔය කට කතාව කොහොම ආරම්භ වුනාද කියලා. මම තාම පිටපතවත් හදන්නෙ නැතුව කොහොමද චරිත ගන්නෙ චිත්‍රපටියට?” යැයි ඇය සිනාමුසු මුහුණෙන් මාධ්‍යය වෙත පිළිතුරු දුන්නා.

 

One thought on “සනී ලියොන් සහ ප්‍රියංකා චොප්රා චිත්‍රපටි නිෂ්පාදනයට

  1. දෙන්නම ගොන්නු නිසා හොඳ ගොන් ගැහිලි බලන්න පුළුවන් වෙයි

Leave a Reply