මයික්‍රොසොෆ්ට් සමාගමේ ඉතාමත්ම ජනප්‍රිය වූ කෘත්‍රීම බුද්ධි වැඩසටහන වන කොර්ටානා ළඟදීම ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන පරිශීලකයන්ටත් ලැබෙන බවයි දැනගන්න ලැබෙන්නේ.  Microsoft සමාගම තමන්ගේ කෘත්‍රීම බුද්ධි වැඩසටහන තවත් දියුණු කරන බව රොයිටර්ස් පුවත් සේවය විසින් පලකල වාර්ථාවක මේ පිළිබඳව සඳහන් කර තිබෙනවා. අලුත් වැඩසටහනට ඔවුන් ‘‘අයින්ස්ටයින්‘‘ යන නම යොදාගෙන තිබෙන අතර, ක්ෂණයකින් ඊමේල් සහ කෙටි පණිවුඩ කියවා තේරුම්ගත හැකි මට්ටමට ඔවුන් මෙය නිපදවමින් පවතිනවා.

දැනට මෙවැනිම දෙයක් ගූගල් නව්(GoogleNow) සහ ඉන්බොක්ස්(Inbox) මඟින් සැපයූවද, එහි යම් යම් අඩුපාඩු තිබෙනවා. ඒ අඩුපාඩු සියල්ලම මඟහැර පෙර කියූ ලෙස ඉතාම දියුණු වැඩසටහනක් නිපදවීමයි මයික්‍රොසොෆ්ට් සමාගමේ මීළඟ ඉලක්කය.

අයින්ස්ටයින් වැඩසටහන මේ වසර ඇතුලත නිකුත්කරන අතර මයික්‍රොසොෆ්ට් සමාගම කොර්ටානා වැඩසටහන වින්ඩෝස් 10 සමඟද මුසුකරන බව මීට පෙර මයික්‍රොසොෆ්ට් සමාගම පවසා තිබුනා.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.