කාන්තාවන් වැඩියෙන්ම කැමති මොන වගේ රැවුලක් තියෙන කොල්ලෙක්ටද?

කොල්ලෝ වුනාම ටිකක් රැවුල තියෙන්න ඕන කියලා කෙල්ලෝ කියනවා ඕන තරම් අහලා නම් ඇති ඔයා. රැවුල කපන්න ආස නැති අයට වගේම රැවුල වවන්න කැමති අයට තමයි මේ සුභ ආරංචිය. ඕස්ට්‍රේලියාවේ පසුගිය සති කීපයක සිදුකරන ලද මේ සමීක්ෂණයට කාන්තාවන් 8,500 දෙනෙකු යොදාගෙන තිබෙනවා. ඔවුන්ට විවිධ ප්‍ර‍මාණයේ රැවුල් තිබෙන පිරිමි මුහුණවල් සහිත ඡායාරූප පෙන්වා තිබෙනවා. ඒ අතරේ සම්පූර්ණයෙන් රැවුල ෂේව් කරපු, සාමාන්‍ය ප්‍ර‍මාණයේ රැවුල් කොට සහිත සහ රැවුල මුහුණ පුරා වවපු ඡායාරූප අයත්.

මේ සමීක්ෂණයේ 15%ත් 20% අතර පිරිසක් හැර අනෙක් කාන්තාවන් සියලුම දෙනා කුමන ආකාරයේ හෝ රැවුලක් තිබෙන පිරිමි සඳහා ආකර්ෂණයක් තිබෙන බව සඳහන් කර තිබෙනවා. අනෙක් පිරිස රැවුල සම්පූර්ණයෙන්ම ෂේව් කර ඉන්න පිරිමින්ට කැමති බවයි කියා තිබෙන්නේ. මෙයට හේතුව රැවල පිරිමි බවේ සංකේතය කියලායි ඕස්ට්‍රේලියාවේ චාල්ස් ස්ටර්ට් විශ්වවිද්‍යාලයේ (Charles Sturt University in Australia) මහාචාර්යය ඩැනියෙල් සලිකෝස්කි( Danielle Sulikowski, Ph.D.,) පවසන්නේ.

ඉතින් කාන්තාවන් අතර වැඩිම ආකර්ෂණයක් ගන්න නම් ඔයාට රැවුල වැඩිත් නැතුව අඩුත් නැතිව තියාගන්න වෙනවා(stubble). අපි කියන්නේ රැවුල් කොට කියලා? අන්න ඒ ගානට. ඒ විදිය තමයි සමීක්ෂණයේ වැඩිම දෙනෙක් කැමැත්ත පලකරලා තියෙන්නේ. ඒකට හේතුව රැවුල මුහුනේ තිබෙන අතරම ඔබේ මුහුණත් පැහැදිලව පෙනෙන නිසා ඇයට. මේ තියෙන්නේ රැවුල ගානකට තියාගන්න කරන්න ඕන උපදෙස් ටිකක්.

1. රැවුල කපන මැෂින් එකක්(Beard trimmer) තිබෙනවනම් වඩා හොඳයි. මොකද අවශ්‍ය ගානට වෙනස් කරලා රැවුල අඩු කරගන්න පුලුවන් නිසා. සාමාන්‍යයෙන් අඩු මුදලකට ඊබේ වගේ වෙබ් අඩවියකින් මිළදී ගන්න පුලුවන්. නමුත් මතක තියාගන්න අඩුවට තියෙන හැමදේම හොඳ ඒවාත් නෙවෙයි.

2. උගුරු ඇටයට ඉහලින් තිබෙන පරිදි ඊට යට රැවුල සම්පූර්ණයෙන්ම ෂේව් කරන්න. බෙල්ල වටේම හරි පිලිවෙලකට ෂේව් කරන්න ඕන නිසා හෙමින් කරන තරමට හොඳයි.

3. තොලට වැටෙන පරිදි රැවුල තියාගන්න එපා. ඒවාත් හරියට හදාගන්න.

4. Sideburns තිබෙන්න හරින්න. රැවුල සහ කොන්ඩය හමුවන තැනදී, (ඒ කියන්නේ සාමාන්‍යයෙන් කන මැද හරියට වන්නට මුහුනේ) මැෂින් එක නවත්වන්න.

මේ උපදෙස් පිලි පැද්දොත් ඔබට පුලුවන් වෙයි කාන්තාවන් අතර කැපී පෙනෙන චරිතයක් වෙන්න.

Leave a Reply