ආසියාවේ දැවැන්ත මෘදුකාංග මංකොල්ලයක් ගැන මයික්‍රොසොෆ්ට් අවධානයෙන්

ලෝකයේ ලොකුම මෘදුකාංග ආයතනය වන මයික්‍රොසොෆ්ට් සමාගම පසුගිය කාලයේදී ආසියාතික රටවල් රැසක සොයාබැලීමක් සිදුකර තිබෙනවා.

සමාගම පවසන පරිදි ආසියාවේ විකුණන බොහොමයක් පරිඝනකවල මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්නේ හොර-මෘදුකාංගයි(Pirated Software). 

මයික්‍රොසොෆ්ට් සමාගම රටවල් 9කින් අහඹුව පරිඝනක 166ක් මිළදීගනෙ තිබනෙවා. දකුණු කොරියාව, මැලේසියාව, වියට්නායම සහ තායිලන්තයෙන් මිළදීගත් පරිඝනක සියල්ලගේම තිබී ඇත්තේ ”හොර මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධති. ඉන්දියාවේ 91%ක්, ඉන්දුනීසියාවේ 90%ක්, තායිවානයේ 73%ක්, සිංගප්පූරුවේ 55%ක් සහ පිලිපීනයේ 43%ක් වශයෙන් pirated මෘදුකාංග තිබී තිබෙනවා.

ඉන්දියාවේ එසේ නොමිලේ ස්තාපනය කරන සොෆ්ට්වෙයා වලින් වැඩි කොටසක් පෞද්ගලික දත්ත සොරාගැනීමට සහ බිට්කොයින් මයිනිං සදහා යොදාගන්නා බවයි පැවසෙන්නේ.

Leave a Reply

%d bloggers like this: